උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත. ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ අනුව රික්ටර් මාපකයේ ඒකක 6.5කින් එහි අගය සටහන්ව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය අනුව රික්ටර් මාපකයේ ඒකක 5.8ක් බව සදහන් කෙරේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ […]

හමාස් සංවිධානය සමග යුද්ධය මාස ගනනාවක් පවතිනු ඇති බවට අනතුරු අඟවමින් ඊශ්‍රායලය මධ්‍යම ගාසා තීරයේ පලස්තීන සරණාගත කඳවුරු වෙත සිය ගොඩබිම් ප්‍රහාරය පුලුල් කර තිබේ. මෑත දිනවල ඊශ්‍රායල ප්‍රහාරවලින් බුරෙයිජ්, නුසෙයිරාත් සහ මාගාසි කඳවුරුවල පුද්ගලයින් රැසක් මිය ගියේය. එසේම ඛාන් යුනිස් නගරයේ ද දරුණු සටන් දිගටම පවතී. හමාස් පාලනය යටතේ […]

ඉන්දීය ජනප්‍රිය නළුවෙකු මෙන්ම DMDK පක්ෂයේ  ප්‍රධානී විජයකාන්ත් (Vijayakanth) අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මිය යන විට ඔහු 71 වැනි වියේ පසුවිය. විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි  ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිට තිබෙයි ඒ අනුව ඔහු දැඩි හුස්ම ගැනීමේ අපහසුතාවන්ගෙන් පෙළුණු බවත් වාර්තා වෙයි. […]

ඇමරිකාව විසින් Apple smart watch ආනයනය කිරීම තහනම් කර තිබේ. මෙයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කරන බව Apple සමාගම පැවසයි. ඒ අනුව මෙසේ ආනයනය නතර කර ඇත්තේ, Apple Series 9 සහ Ultra 2 යන smart watch වර්ග දෙකයි. පේටන්ට් බලපත්‍ර ආරවුලක් සම්බන්ධයෙන් ඇති සීමාවන් ඉවත් කිරීමට හදිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම […]

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි. ඊට අමතරව, නවදිල්ලි අගනුවර තෙක් ධාවනය වන දුම්රිය 25 ක් ද අවලංගු කිරීමට සිදුවුණු බව දුම්රිය බලධාරීහු පැවැසූහ. ඝන මීදුම උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයට […]

ලොව කාන්තාවන්ගෙන් 0.3% කට පමණක් පිහිටීමේ හැකියාව ඇතැයි කියන දුර්ලභ ද්විත්ව ගර්භාෂ හිමි අමෙරිකානු කාන්තාවක් පසුගියදා නිවුන් දියණියන් ප්‍රසූත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ පදිංචි 32 හැවිරිදි කෙල්සි හැචර් නමැති මේ කාන්තාවගේ ගර්භාෂ දෙකෙහිම දරු පිළිසිඳ ගැනීම් සිදු වී තිබූ බවත්, පසුගියදා ඇලබාමා හි රෝහලක ප්‍රසූතිකාගාරයේදී පැය […]

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ගාසා තීර මධ්‍යයේ පිහිටි අල්-මගාසි සරණාගත කඳවුරේ සිටි පුද්ගලයන් 70 දෙනෙකු පමණ මිය ගොස් ඇත. ගාසා තීරයේ හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එම ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත් වන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යාමට ඉඩ ඇති බවයි. කෙසේ නමුත් ඊශ්‍රායල හමුදාවමෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් […]

යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සැමරෙන නත්තල් දිනයේදී ලොවම උත්සව අසිරියෙන් බැබළෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව විවිධ රටවල් සංකේතවත් කරන කුලුනු, ස්මාරක සහ ගොඩනැඟිලි නත්තල් සැරසිලි හා විදුලි ආලෝක සැරසිලි අසිරියෙන් සතියක කාලයක සිට බැබළෙන අතර, මැදපෙරදිග රටවල් ද නත්තල සැමරීමට සූදානම්ව සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඊයේ […]

කතෝලිකයින් අතර අතිශය පූජනීය නගරයක් වන බෙත්ලෙහෙමේ වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් සිදු නොවීම විශේෂත්වයකි. ඒ, අද වනවිට බෙත්ලෙහෙම පාලනය වන්නේ පලස්තීන නගරයක් ලෙස වීම හේතුවෙනි. සාම්ප්‍රදායිකව නගරය තුළ අතිඋත්කර්ෂවත්ව නත්තල සැමරුම් සිදුවුවත්, මේ වනවිට ගාසා තීරයට එල්ල වන ප්‍රහාරවලට විරෝධය පළකරමින් ඔවුන් මෙවර නත්තල් සැමරුම් අත්හිටුවා තිබේ. […]

ගෝලීයව වාර්තා වන කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත වූ මාසය තුළ සියයට 52කින් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ඒ අනුව ගත වූ සති 04 තුළ කෝවිඩ් රෝගින් 850,000ක ප්‍රමාණයක් ගොලීය වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය පවසයි. එමෙන්ම අදාළ කාලය තුළ කෝවිඩ් රෝගය හේතුවෙන් ලොව පුරා පුද්ගලයන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.