ඉරානයේ පාර්ලිමේන්තුව විසින් එරට තුළ හිජාබය නිසි ආකාරයෙන් නොපළඳින කාන්තාවන්ට, වසර 10ක සිර දඬුවම් නියම කෙරෙන පරිදි නව නීති සම්පාදනය කිරීමට තීරණය කර තිබෙනවා. එම තීරණය මඟින් වසර 3ක නඩු විභාගයකට යටත් වන අතරම ඉතා ඉහළ දඩ මුදලක් ගෙවීමටද සිදුවන බවයි. එරට පොලිසිය භාරයේ රඳවා සිටි කාන්තවකගේ මරණය සම්බන්ධයෙන් පසුගිය […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි. ඒ අනුව විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.  

ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට විමර්ශනයකින් අනාවරණය වී ඇති බවයි. ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. […]

මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය මධ්‍යම ඉතාලියේ Florence නගරයට උතුරින් සිදුව ඇති බවය. භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා තිබේ. […]

‘ඇමෙරිකන් එක්ස් එල් බුලි’ American XL Bully නමැති සුනඛ වර්ගය තහනම් කිරීමට බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක් තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රිෂී සුනාක්, මෙම තීරණය ගෙන ඇත්තේ මෙම සුනඛයන් දැඩි ප්‍රචණ්ඩකාරී බැවිනි. බ්‍රිතාන්‍යයේ ද ‘ඇමෙරිකන් එක්ස් එල් බුලි‘ American XL Bully සුනඛයන්ගේ ප්‍රහාරයට ලක් වුණු සිදුවීම් රැසක් වාර්තා වී ඇත. එසේ […]

කැනඩාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති ලී සුළි කුණාටුව හේතුවෙන් එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් විදුලිය විසන්ධි වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, පැයට කිලෝමීටර 100කට අධික වේගයෙන් හමාගිය තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම් සහ ජල ගැලීම් වාර්තා වී ඇති බවයි. එරට කාලගුණ අංශ විසින් […]

ඉන්දියාවේ ජම්මු – කාශ්මීර්හි ඉන්දීය දේශ සීමාව ආසන්නයේ අනන්ත්නග් දිස්ත්‍රික්කයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සහ ත්‍රස්තවාදීන් අතර ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ. ගැටුම්වලින් මේ වනවිට ත්‍රස්තවාදීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශ නිලධාරීන් ද මිය ගොස් ඇතැයි සඳහන්ය. එමෙන්ම තවත් පිරිසක් අතුරුදන් ව ඇති බව ද විදෙස් […]

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසර 19 ක කාලයක් ලන්ඩනයේ මාර්ග තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග භාවිත කර ඇතත් එම කාලය සඳහා ගෙවිය යුතු ස්ටර්ලිං පවුම් 652120 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 261 ක් පමණ) ක මුදල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙතෙක් ගෙවා නොමැති බව […]

බ්‍රසීලයේ, බාර්සේලුස් හී දි සංචාරකයින් පිරිසක් රැගත් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. අනතුරින් එහි ගමන් ගත් කිසිවෙකුගේ හෝ දිවි බේරී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පැවති වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දර්ශන පථය අපහැදිලි වීම අනතුරට හේතු වී තිබුණි. අනතුරින් මියගිය සංචාරකයින්ගේ ජාතිකත්වය පිළිබඳව […]

ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත. සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය. ශල්‍ය කර්මයේදී සියුස් ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.