ෆ්ලොරිඩා ප්‍රාන්තයේ දී පෞද්ගලික ජෙට් යානයක් අධිවේගී මාර්ගයකට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, ජෙට් යානය අනතුරට ලක් වන විට පුද්ගලයින් පස් දෙනෙකු එහි ගමන් කර ඇති බවයි. ජෙට් යානය අධිවේගී මාර්ගයකට කඩා වැටීමත් සමඟ පුද්ගලයින් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් ව […]

ඉන්දියාවේ චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයේදී පුර්ව විවාහ රූගත කිරීමක් (Pre-Wedding Shoot) සිදු කළ වෛද්‍යවරයෙකු සේවයෙන් ඉවත් කර තිබෙන අපූරු පුවතක් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, මෙලෙස කළ රූගත කිරීම් වීඩියෝ පටයේ ව්‍යාජ සැත්කමක් සිදු කරන ආකාරය දැක්වෙන අතර, මෙම යුවල වෛද්‍ය උපකරණවලින් සහ පසුබිමේ අංග සම්පූර්ණ ආලෝක […]

තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි. එම නීතිය උල්ලංඝනය කරන හාම්පුතුන්ට එරෙහි ව දඩ නියම කිරීමට ද එහි ප්‍රතිපාදන පවතින බව වාර්තා වේ. එරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ […]

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ (06) දිනය තුල වාර්තා විය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණි. කෙසේ වෙතත් මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ. මේ අතර සෞදි […]

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත. දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ. 74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි. මෙම අනතුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව […]

විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි. ටැබ්ලොයිඞ් පුවත්පත් අනුව, යුක්රේනයේ උපන් ජපන් ජාතිකයකු වන කැරොලිනා ෂිනෝ අනියම් ඇයුරක් පවත්වා ඇත්තේ විවාහක වෛද්‍යවරයකු සමඟය. ඇය […]

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි. එම පිළිකා කුමක්දැයි අනාවරණය වී නොමැත. නමුත් රජු මෑතකදී පුරස්ති ග්‍රන්ථිය ආශ්‍රිත රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලැබීමේදී මෙම පිළිකා තත්ත්වය තහවුරු කරගෙන ඇති බව වාර්තා වේ. රජු සිය රෝගී තත්ත්වයට ඊයේ සිට “නිත්‍ය ප්‍රතිකාර” ආරම්භ කළ අතර ප්‍රතිකාර අතරතුර […]

අධික මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් දිල්ලියේ ගුවන් ගමන් සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබේ. මේ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක්ම අද (05) දිනයේ ප්‍රමාද වනු ඇති බව ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පවසයි. යාවත්කාලීන ගුවන් ගමන් තොරතුරු පිළිබඳව අදාළ සමාගම් සම්බන්ධ කර ගනිමින් මගීන්ව දැනුවත් කර තිබේ. ඊයේ (04) දිනයේ එම ප්‍රදේශයට […]

චීන අධිකරණයක් විසින් චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික යැං හෙන්ජුන් නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ. ඔත්තු බැලීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටි ඔහුට වසර පහකට පසුව චීන අධිකරණය මෙම අත්හිටවූ මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම දඬුවම වසර දෙකකට පසු ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් […]

චිලි රාජ්‍යයේ වල්පරයිසෝ ප්‍රදේශයේ (Valparaíso)පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයින් 112 දෙනෙකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, එරට ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර තත්ත්වය සමනය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සිදුකිරීමට කටයුතු කර ඇති බවයි. මෙය චිලියේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.