ලෝක ප්‍රවෘත්ති

දකුණු අප්‍රිකාව පරාජය කරමින් ලෝක වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායමට රුපියල් කෝටියකට ආසන්න විශේෂ මුදල් ත්‍යායක් පිරිනැමීමට තීරණය කර ඇති බවත් එහිදී නායිකා චමරි අතපත්තු විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන්ට ලැබෙන ආකාරයට එම මුදල් ත්‍යාගය […]

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළද නිවස බිදුම් කරන බාලවයස්කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. සැකකරුවන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන් ද සිටින බවත් පොලීසිය පැවසීය. නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල […]

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව මැයි 06 වැනිදා දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුළු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල/මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතනවලද මෙම ලැයිස්තුව ප්‍රදර්ශනය කෙරේ. ඉකුත් වසරේ (2023) වලංගු […]

මුල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රංගන ශිල්පිණි දමිතා අභයරත්න හා ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිලි දෙකක් ගොනුකර ඇති බව එම නඩුවේ පැමිණිලිකරු සඳහන් කරයි. පැටිකෝරළලාගේ ප්‍රසන්න නම් ඔහු පවසන්නේ කුරුණෑගල වංචා හා විමර්ශන ඒකකයේ එක් පැමිණිල්ලක් හා පෑලියගොඩ පොලිසියට තවත් පැමිණිල්ලක් මෙසේ ගොනුකර ඇති බවය. තමන් විදේශගත […]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලෝක වාර්තාවක් ද සමගින් ජය ලැබීමට සමත් විය. එහිදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකානු පිල ඕවර 50 යේදී කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක් රැස්කළ අතර […]

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරනු ලබන සේවකයන්ගේ නොගෙවූ ව්‍යවස්ථාපිත ගෙවීම් (EPF/ETF) සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිතය. රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ගේ එකඟතාවය මත මැයි මස 09 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන අද (18) නියෝග කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා […]

මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් […]

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ සංචාරය නිල වශයෙන් ආරම්භ වී ඇත. ඒ ග්‍රීසියේ ඔලිම්පික් උළෙලේ සමාරම්භක ස්ථානය ලෙසින් සැලකෙන පෞරාණික ඔලිම්පියාහිදී පැවැති සාම්ප්‍රධායික උත්සවයකින් අනතුරුවය. දල්වන ලඳ මෙම ගිනි […]

ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, අනුලා චෛත්‍යයේ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර ගත් බව කියන, දස වසරක ගිවිසුම අවලංගු කරන ලෙස ඉල්ලා, මල්වතු මහා විහාර පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.