ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල නිසා අනාගතයේදී මෙරට ආර්ථිකය නරක අතට හැරෙනු ඇතැයි ශ්‍රී ලාංකිකයන් සියයට 45 ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ශ්‍රී ලංකාවේ ආර්ථිකයට […]

ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ අතුරින් වාහන හැර ඉතිරි භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීන්දු කර තිබේ. රජය මෙම තීන්දුවට එළැඹ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය. වාහන […]

ලෝක බැංකුව ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් අනුමත කර තිබේ. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500 මුදලක් අයවැය පරතරය අඩු කර ගැනීම සඳහා සහාය වීමට ලබා දී ඇති අතර ඉතිරි ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක මුදල සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දී ඇත. ජාත්‍යන්තර මූල්‍ය […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට තම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියට අවධානය යොමුකර සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරනු ඇතැයි විශ්වාසය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. පොරොන්දු ඉටු නොකළහොත් වෘත්තිය සමිති එකමුතුව විසින් එළඹෙන අඟහරුවාදා රැස්වී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තීන්දු කරන බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වසර 04ක් තුළදි ඩොලර් කෝටි 290ක ණය මුදලක් ලබා ගැනීම සඳහා පූර්ව කොන්දේසි ඉටුකරමින් ඩොලර් කෝටි 386ක ණය රජයට පවරාගෙන ආයතන කිහිපයක් විකිණීමට සූදානම් වන බව ශ්‍රි ලංකා මහ බැංකු වාර්ශික වාර්තාව 2022 මගින් අනාවරණය වේ. එම වාර්තාවේ 45වෙනි පිටුවෙන් මීට අදාල තොරතුරු අනාවරණය වන අතර “ජා.මූ අරමුදලේ […]

ලබන ජුනි මාසයේ සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඒ, මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවීම හේතුවෙන්. මෙම වසරේ ආරම්භයේ සිට මත්පැන් සහ බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. එලෙස […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල විශේෂ නියෝජිත කණ්ඩායමක් අද (11) මෙරටට පැමිණෙනු ඇතැයි වාර්තා වේ. මෙම නියෝජිත කණ්ඩායම ලබන 23 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය. මේ වසරේ සිදු කිරීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ පළමු අගැයීමට පෙර නිත්‍ය උපදේශන ක්‍රියාවලියේ පියවරක් ලෙස මෙම නියෝජිත කණ්ඩායම මෙරටට පැමිණෙනු ඇත. […]

මුළු රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහලු මිනිහෙකුට ආශ්චර්යය කරන්න ඉඩ දී බලා සිටිය නොහැකි බව වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කරයි. ඒකාබද්ධ මැයි දින රැලිය මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අමතමින් හෙතෙම මේ බව කියා  සිටියේය. අද වන විට රට පාලනයෙන් ගිලිහී අවසන් […]

හංගේරියානු රජයේ යුරෝ මිලියන 52ක ණය ආධාර යටතේ ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙන කොහුවල මංසන්දියේ සහ ගැටඹේමංසන්දියේ ගුවන් පාලම් වල ඉදිරි කටයුතු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හංගේරියානු රජයේ බලධාරීන් සහ ප්‍රවාහන හා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අතර අමාත්‍යංශ කාර්යාලයේදී පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡාවල සාර්ථකත්වය පිළිබඳ […]

රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම හොඳ දෙයක් බව සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් සඳහන් කරයි. නමුත් එහි තේරුම රාජ්‍ය සේවකයන් පාරට දමා සියලු දේ විකිණීම නොවන බවද හෙතෙම කියා සිටියි. නමුත් රජයක් ලෙස පෞද්ගලික අංශයේ සියලු ව්‍යාපාර කිරීම සුදුසු නොවන බවත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් යනුද රටේ ජනතාව බවත් ඔහු සඳහන් කළේය. ජාත්‍යන්තර මූල්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.