රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක […]

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වන නලින් චින්තක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හොරණ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරු කාර්යාලයට කඩා වැදි වාණිජ අංශයේ විදුලි අධිකාරීවරයාට පහරදීම සම්බන්ධයෙනි. ඔහු එම පහරදීම සිදුකිරීමෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටීමෙන් අනතුරුව නීතිඥවරයකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පහර […]

හිටපු සෞඛ්‍ය අමාත්‍ය වර්තමාන පරිසර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එළැඹෙන පහළොස්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ආන්දෝලනාත්මක ප්‍රමිතියෙන් තොර ඉමියොනෝග්ලෝබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකල නියෝගයකට අනුවයි. ඒ අනුව ඊයේ (02) පෙරවරු […]

ශ්‍රී ලාංකිකයන් 07 දෙනෙකු ජෝර්දාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නීතිවිරෝධී ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමට උත්සහ කිරීම හේතුවෙන්. ජෝර්දාන හමුදාව නිවේදනය කරන්නේ, දේශසීමා සහ ජාතික ආරක්ෂාව සහතික කරමින් අනවසර සංක්‍රමණ සහ ජාවාරම් මැඩලීමට හමුදාවන් නිරන්තරයෙන් කටයුතු කරන බවයි. පසුගිය වසරේදීත් ජෝර්දාන – ඊශ්‍රායල දේශ සීමාව හරහා අප්‍රිකාව, ආසියාව සහ […]

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද (07) පෙරවරුවේ කොළඹ පිහිටි ඔහුගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදන්කේනි පොලිසියේ උපදෙස් මත ජයපුරම් පොලිසියේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ. පසුගියදා වඩමාරච්චි ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථනයක් අසලදී පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඇති කරගත් ආරවුල සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම […]

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ, අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරත වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 7 දෙනෙකුට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරන ලද පැමිණිල්ලක් […]

තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වංචා කිරීමේ චෝදනාව මත විමර්ශන අංශ මගහරිමින් සිටි අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා අද (09) සවස අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති […]

වික්ටෝරියා ජලාශයේ වේල්ල ආශ්‍රිත අධි ආරක්ෂිත කලාපයේදී අනවසරයෙන් ඩ්‍රෝන යානයකින් ඡායාරූප ලබාගත් හත්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එහි ආරක්ෂාවට සිටි යුද හමුදා නිලධාරීන් විසින්. ඔවුන් වික්ටෝරියා ජලාශය අසළට පැමිණි අවස්ථාවේ යුද හමුදා නිලධාරීන් විසින් අවවාද කර ඇතත් එය නොතකා හැර ඇති බවයි වාර්තාවන්නේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිගම හා දෙහිවල ප්‍රදේශයේ […]

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි. ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම්දී තිබිණි. එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් […]

පිළියන්දල කොටගෙදර ශ්‍රී ගංගාරාම විහාරයේ විහාරාධිපති හිමියන් හා එම විහාරස්ථානයේ වැඩවාසය කරනු ලබන හිමිනමක් සමග අටපිරිකරක් සම්බන්ධයෙන් ඇතිවු ප්‍රශ්නයක් දුරදිග යාම හේතුවෙන් විහාරාධිපති හිමියන් විසින් අනෙක් හිමිනම වෙත පිහියකින් ඇන තුවාල සිදුකර ඇති බවට අනාවරණය විය. පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දිමෙන් අනතුරුව එම ස්ථානය වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.