සාමවිනිසුරු පත්වීම් ලබාගැනීම සඳහා වන අධ්‍යාපන සුදුසුකම් යළිත් වරක් සංශෝධනය කර ඇත. ඒ අනුව, ඊට අදාළ ඉහළම අධ්‍යාපන සුදුසුකම වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් 03ක් සමත්වීමේ කොන්දේසිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දක්වා පහත හෙළිමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. අමාත්‍ය ආචාර්ය විජේදාස […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්වී තිබෙන බව වාර්තා වනවා. ඒ, උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීම වෙනුවෙන් දිනකට ලබා දෙන රුපියල් 2000 දීමනාව මෙවර ලබා නොදුන් බව ප්‍රකාශ කරමින්. මේ අනුව, උසස් පෙළ පිළිතුර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ලබාදුන් […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (04) ආරම්භ වෙයි. අද සිට ලබන 31 වන දින දක්වා විභාගය පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනීසිටින අතර ඉන් 281,445ක් පාසල් අයදුම්කරුවන් ය. පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 65,531ක් බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේය. විභාගය මධ්‍යස්ථාන 2302කදී […]

අධ්‍යයන  පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව  විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර පැවසීය විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේදිනවල  කෙරෙන බවද  ඔහු සඳහන් කළේය. අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පසුගිය මැයි මාසයේදී මධ්‍යස්ථාන 3568 කදී  පැවැත්විණ. පරිගණක ගත කිරීමේ කටයුතු අවසන්වූ […]

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ දා දිඹුලාගල, මඟුල්දමන මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් එම විද්‍යාලයේ දේපළවලට කළ අලාභහානිය ඔවුන්ගේ මවුපියන් විසින් පියවීමට විදුහල්පතිවරයා ඉදිරියේ පොරොන්දු කරවා ගත් බව මනම්පිටිය පොලිසිය කියයි. මඟුල්දමන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා මේ පිළිබඳ පොලිසියට සිදුකළ පැමිණිල්ලෙන් පසු විද්‍යාලයේ දේපළවලට හානි කළ සිසුන් […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වනවිට ලබාදීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඒ අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර විසින් ය. මේ අතර, මේ වන විට 2022 ශිෂ්‍යත්ව නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග […]

මරණ දඬුවම ලබා සිටින සිරකරුවෙකු ඇතුළු බන්ධනාගාර රැඳවියන් 10 දෙනෙකු මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත ය. වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින මරණ දඬුවම ලැබූ එක් අයකු ඇතුළු පස් දෙනෙකු ද වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පස් දෙනෙකු ද මෙම විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව බන්ධනාගාර අතිරේක […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි. ඒ් අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වී ඊයේ (4) පස්වරුවේ තීන්දුවක් ගෙන ඇත. උපයනවිට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස […]

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා විධායක සභා රැස්වීමක් පැවැත්වීමට  තීරණය කර තිබේ. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ පැවසුවේ, සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන […]

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල විභාගයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබා දීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෙත යළිත් ලිඛිතව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ, විභාග දෙපාර්තමේන්තුව විසින් විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ,එම සාකච්ඡා හෙටින් ඇරඹෙන සතියේ අවස්ථා කිහිපයකදී පැවැත්වීමටයි. ඒ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.