අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් අලුත් අවුරුදු සමයේ කොණ්ඩ කැවුම් ඇතුළු රස කැවිලි වර්ගවල මිල ගණන්ද ඉහළ ගොස් ඇත. කොණ්ඩ කැවුමක් රුපියල් 70ත් 100ත් අතර මිලකටද, අතිරස, මුං කැවුම් රුපියල් 60ත් 80ත් අතර මිලකටද, ආස්මි එකක් රුපියල් 120ත් 150ත් අතර මිලකටද අලෙවි කෙරේ. කොකිස් එකක්ද රුපියල් 40ත් 60ත් අතර […]

වී අලෙවි මණ්ඩලයට පසුගිය 04 වනදා වනවිට වී කිලෝ ග්‍රෑම් ලක්ෂ 40ක් මිල දී ගැනීමට හැකි වූ බව එම මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ සඳහන් කළේය. ඊයේ පස්වරුවේ වී අලෙවි මණ්ඩලය විසින් සිදු කරන වී මිල දී ගැනිම් පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම සාකච්ඡාව කෘෂිකර්ම හා […]

අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත. එමෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන් ද තමන් අතට පත්වන මුදල් නෝට්ටු පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.