2016 වසරේ කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී ආගමික සංහිඳියාව කඩවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වරදකරු කොට වසර හතරක සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇපමත මුදා හැරීමට තරම් සුවිශේෂී කරුණු අනාවරණය නොවන හෙයින් උන්වහන්සේගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ […]

පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රිවරු අතුරින් එකසිය හැට දෙනකු අදාළ මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයන් විසින් සෘජුවම තෝරාපත් කර ගත හැකි පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සූදානම් වේ. දැනට ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වැනි වගන්තියේ විධිවිධාන මගින් සමානුපාතික නියෝජන ක්‍රමයට මැතිවරණ පවත්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තෝරා පත් කර ගැනීමේ ක්‍රමවේදයයි. එහිදී මැතිවරණ […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව සම්මත කළ ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තියට හෝ යටත් නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ හැකියාව ලබා දී ඇති බව මන්ත්‍රී චරිත හේරත් අද (05) පාර්ලිමේන්තුවේදී හෙළි කළේය. මේ බව ඔහු හෙළි කරනු […]

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට තම පියා ඇතුළු බොහෝ නායකයන් පොරොන්දු ලබා දී ඇතත් එය ඉටු වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඊයේ (පෙබ. 22) පාර්ලිමේන්තුවේදී පැවසීය. රටට නව ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට කටයුතු කළ හැකි වුවත් ඊට මුවාවී ඡන්ද කල්දැමීමේ උත්සහය ඉතා වැරැදි බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. […]

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු ට නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මෙසේ නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ‍එහි මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර පැවසීය. එම ප‍්‍රකාශය හරහා අමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය […]

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය  සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබා දුන්  නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බැවින්  එම දඩුවම යළි ක්‍රියාත්මක කරන්නැයි බන්ධනාගාර කොමසාරිස්වරයාට ‌ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු මොහොතකට පෙර නියෝග කළේය. දුමින්ද සිල්වාට ලබාදී ඇති ජනපති සමාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ සැකකරුවන් ආරක්ෂා […]

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක අවස්ථාවේදී ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ල වූ ගායන ශිල්පිනි උමාරා සිංහවංශ ජාතික ගීය ගායනා කිරීමේදී ස්වර සහ උච්චාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට නිර්දේශ කරමින් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ කමිටුව සිය වාර්තාව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය […]

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බව ජනාධිපතිවරයා ඊයේ (ජූලි 18) පැවසීය. උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳ ම යෝජනාවලිය තමා මේ වන විට ත් ඉදිරිපත් කර ඇති බව ත්, එය […]

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන මහ බැංකු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි. මෙම පනත මගින් මහ බැංකුවේ ස්වාධීනත්වය ගිලිහී මුළුමනින්ම සමාගමක් බවට පත්වන බවද හෙතෙම පැවසීය. මෙම පනත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ගැලවී එය සමාගමක් බවට පත්වී එහි අනු සමාගම්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.