ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් කැඳවීම ඊයේ (15) දින අවසන් කර තිබේ . මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මේ සඳහා ආයෝජකයින් 14 දෙනෙකු ඉදිරිපත් වූ බවයි. ඒ අනුව ලාෆ් ලංකා සමාගම මෙන්ම සිංගප්පූරුව, ඉන්දියාව, මලයාසියාව ඇතුළු රටවල් කිහිපයක […]

ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරවල මුද්‍රා කර තිබෙන සලකුණු මකා දමා ඒවා වැඩි මිලට වෙළෙඳපොළේ විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකා සතොස ශාඛා ජාලය ඔස්සේ එක බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ. මෙම බිත්තරවල නිෂ්පාදිත […]

ලොකු ළූණු ආනයනය සඳහා රජය වහා මැදිහත්වී ඉන්දියාවෙන් රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමක් නොකළහොත් පාරිභෝගිකයන්ට ලොකු ළූණු කිලෝවක් රුපියල් 1,000ක් වැනි ඉහළ මිලකට ගැනීමට නොබෝ දිනකින් ම සිදුවනු ඇතැයි කොළඹ ලොකු ලූනු ආනයනකරුවෝ පවසති. තොග වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝවක රුපියල් 580-600ක් දක්වා ඊයේ (මාර්තු 10) දින වන විට මිල ඉහළ යාමක් වාර්තා වූ […]

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products Limited සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වයට අනුව අලියා සන්නාමය යටතේ එන පාන වර්ග ඉන්දියාව තුළ නිෂ්පාදනය, අලෙවිකරණය, […]

ආසියාවේ ලොකුම ධනවතා ලෙස සැලකෙන ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයාගේ විවාහ මංගල්‍යය වෙනුවෙන් චාරිත්‍රානුකූල පූර්ව මංගලෝත්සවයක් ලබන මාර්තු මස මුල් භාගයේදී දින 3ක් පුරා ගුජරාට් ප්‍රාන්තයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. මුකේෂ් අම්බානිගේ බාල පුත්‍රයා වන 28 හැවිරිදි ආනන්ද් අම්බානිගේ සහ 29 හැවිරිදි රාධිකා මර්චන්ට් […]

කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය. මෙම ගුවන් යානා අතරින් 06 ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම […]

ඉන්දි­යාවේ සුප්‍ර­කට ස්පෝර්ට්ස්ටාර් සඟ­රාවේ වාර්ෂික සම්මාන උලෙ­ළේදී මුත්ත­යියා මුර­ලි­ද­රන් ‘ක්‍රිකට් පිටියේ ජාත්‍ය­න්තර ලකුණ’ ලෙස ගෞරව සම්මා­න­යට පාත්‍ර විය. ටෙස්ට් පිටියේ කඩුලු 800 සම්පූර්ණ කළ පළමු හා එකම පන්දු යවන්නා වන මුර­ලි­ද­රන් පසු­ගි­යදා පැවති එම සම්මාන උලෙ­ළේදී ඉන්දීය පිලේ හිටපු නායක සුනිල් ගව­ස්කර් අතින් සම්මා­නය ලබා ගත්තේය. ස්පෝර්ට්ස්ටාර් වාර්ෂික සම්මාන උලෙළේ […]

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේ බරණැස, ඉසිපතනාරාම මූල ගන්ධකුටි විහාරස්ථානයේදී තාවකාලික පැවිදිභාවය ලබා තිබේ. ගුණතිලක රාජපක්ෂ මෙලෙස පැවිදි වීම සඳහා ඉන්දියාව බලා ගොස් ඇති අතර අද (පෙබ. 20) දින පෙරවරුවේ ඉසිපතන මූල ගන්ධකුටි විහාරාධිපති පූජ්‍ය රත්මලේ සුමිත් ආනන්ද හා පූජ්‍ය දෙහිඅත්තකණ්ඩියේ පියනන්ද නායක හිමිවරුන්ගේ උපාධ්‍යායයෙන් යුක්තව ආගමික වතාවත් […]

ලෝක ගීත ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ගායක ගායිකාවන් ඇගැයීමට ලක් කෙරෙන සුප්‍රකට ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දියාවට සම්මාන 6ක් හිමි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙවර 66 වැනි වරටත් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර පැවැති ග්‍රැමී සම්මාන උලෙළේදී ඉන්දීය සංගීතඥයන් පස්දෙනකු එම සම්මානයට පාත්‍ර වී ඇති අතර, සුප්‍රකට තබ්ලා වාදක සාකිර් හුසේන් සහ […]

ඉන්දියාවේ පූනේ නගරය මදුරුවන්ගෙන් වැසී ගිය ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඔවුන් මෙය වාර්තා කර තිබුණේ මදුරු ටොනෝඩෝව ලෙසය. මෙහිදී මදුරුවන් ලක්ෂ ගණනක්, පුනීලාකාර ටොනේඩෝ ලෙස සැකසී අහස වසාගෙන සිටිනු දක්නට ලැබේ. පූනේ ඔස්සේ ගලා යන මුතා නදිය පිටාර ගැලීමෙන් පහත්බිම් යටවීම සහ එහි මදුරුවන් විශාල ලෙස ඇතිවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.