ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය සමාගම විසින් සාමාන්‍ය ඩීසල් ලීටරයක මිල පහත දැමීමට කටයුතු කර තිබේ. ඒ අනුව රුපියල් 10කින් ඔටෝ ඩීසල් මිල අඩු කර ඇති අතර එම වර්ගයේ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.

ඔටෝ ඩීසල් සහ සුපිරි ඩීසල් මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් සහිත නෞකාවක් කොළඹට අද (17) ළගාවීමට නියමිත බවට වාර්තා වෙයි. මෙම සුපිරි ඩීසල් තොගය මාස දෙකකට අධික කාලයකට පසුව ලැබුණු තොගය බවත් ඩීසල් තොගයේ පරීක්‍ෂණ අවසන් වීමෙන් පසුව ක්‍රමානුකූලව පිරවුම්හල වෙත නිකුත් කිරීමටත් නියමිතව ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.