ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඩොලර් 10000ක වංචාවකට හසුවු වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඔස්ට්‍රේලියාවේ පර්ත් අගනුවරින් වාර්තා වේ. තමන් මෙලෙස වංචාවකට හසුවීමත් සමඟ ඇය ෆේස්බුක් භාවිත කරන්නන්ට ද අනතුරු ඇඟවීමක් කර තිබුණි. ෆේස්බුක් ඔස්සේ ඩොලර් ලක්ෂ දෙකක මූල්‍ය ත්‍යාගයක් ලබා ගැනීම සඳහා ඩොලර් 1000ක් ආයෝජනය කරන ලෙස ලැබුණු පණිවුඩයට ප්‍රතිචාර දැක්වීමට […]

තමාගේ වැඩ මුරය නිම වීමෙන් අනතුරු ව තමන්ට සිය ආයතන ප්‍රධානින්ගෙන් ලැබෙන අසාධාරණ දුරකථන ඇමතුම් සහ පණිවුඩ නොසලකා හැරීමේ අයිතිය තහවුරු කිරීමේ නව නීතියක් හඳුන්වාදීමට ඔස්ට්‍රේලියාව පියවර ගනිමින් සිටියි. එම නීතිය උල්ලංඝනය කරන හාම්පුතුන්ට එරෙහි ව දඩ නියම කිරීමට ද එහි ප්‍රතිපාදන පවතින බව වාර්තා වේ. එරට කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ […]

හත්වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (පෙබ. 8) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. මෙම සමුළුව හෙට (පෙබ. 9) සිට අනිද්දා (පෙබ. 10) දක්වා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිත ය. ඉන්දීය පදනම සහ ඔස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව ජනාධිපතිවරයා එසේ පිටත්ව ගොස් ඇත. ජනාධිපතිවරයා සමග දූත […]

මිනිසුන් මැරීමට තරම් විෂක් සහිත හා වගාවන් විනාශ කිරීමේ හැකියාවක් ඇති ගිනි කූඹීන් (ෆයර් ඈන්ට්ස්) නමැති කුහුඹු විශේෂය ඔස්ට්‍රේලියාව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. ගංවතුර ඔස්සේ මෙම කූඹීන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වෙමින් සිටින බව වාර්තා වී තිබේ. මෙම ගිනි කූඹින්ගේ අඬුවල මිනිසුන් මරා දැමිමට තරම් විෂක් […]

ශ්‍රී ලංකාවට සැමවිටම ආදරය කළ ‘ක්‍රිකට් පිටියේ රිදී සීනුව’ යන විරුදාවලිය ලැබූ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක ටෝනි ග්‍රෙග් නිහඬ වී වසර 11ක් සපිරෙයි. ටෝනි නැති විස්තර ප්‍රකාශක කුටිය දැන් හැම්ලට් කුමරු නැති රඟමඬලක් වැනිය. ප්‍රතාපවත් පෞරුෂයකින් හා මිත්‍රශීලි කටහඬකින් පරිපූර්ණ වූ ලොව අතිවිශිෂ්ටතම ගවේෂණාත්මක ක්‍රිකට් විස්තර විචාරකයා මියගිය පුවත ලොව […]

එළැඹෙන වසර දෙක තුළදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩක් දක්වා අඩු කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2025 වසරේ ජුනි මාසය වනවිට එරටට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ සංක්‍රමණිකයින් 250,000කට පමණි. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සංඛ්‍යාව කොවිඩ් වසංගතයට පෙර පැවති සංඛ්‍යාවට සමාන බවය. මේ අතර විදෙස් රටවලින් පැමිණෙන […]

හය වන වරටත් එක්දින ලෝක කුසලානය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ, ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගනිමිනි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 240ක් පමණි. කේ.එල්. රාහුල් ලකුණු 66ක්, විරාට් කෝලි ලකුණු 54ක් සහ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක  ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් අධිකරණයේ දී සාරා හගට් විනිසුරුවරිය ඉදිරියේ එම නඩු විභාගය පැවැත්වුණි. ඒ අනුව විනිසුරු සාරා හගට් දැනුම්දී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා (28) අදාළ නඩු විභාගයේ තීන්දුව ලබාදෙන බවය.  

ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ දී චෝදනා එල්ල වී සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට තවත් ලිහිලක් එරට අධිකරණය ලබාදීමට තීරණය කර ඇත. ඒ සිඩ්නි ඩවුනින් සෙන්ටර් අධිකරණයේ දී එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී ය. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවසර හිමි වෙයි. එමෙන්ම මෙලෙස සංචාරයන් හි නිරත වීමේ දී […]

ඔස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇණවුම් ලබාගෙන මෙරට තුළ  බෙදහරින AusiGift නමැති අන්තර්ජාල භාණ්ඩ බෙදාහරින ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් පසුගිය සිකුරාදා (28) වටලනු ලැබීය.  තොටළඟ පිහිටි ස්ථානයකදී වැටලීම සිදුකර තිබූ අතර, එහි තිබී කල්ඉකුත් වූ භාණ්ඩ කිහිපයක් හා ව්‍යාජ ලෙස දින වෙනස් කර අලෙවියට සූදානම් කළ භාණ්ඩ ගණනාවක් නිලධාරීන්ට හසුකරගත හැකිවිය. නීති රෙගුලාසිවලින් තොර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.