ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී මඳ වේලාවකට පසු කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ආපසු කටුනායක ගුවන්තොටට ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා. මඟීන් 201ක් සමග ගමන් කරමින් තිබූ යානය, ගුවන් ගතවී විනාඩි දහයකට පසු කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගුවන්යානයේ නියමුවන් නැවතත් ගුවන්තොටුපළට […]

කටුනායක ගුවන් තොටුපලට රහසිගතව ඇතුලු වී ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබූ ගුවන් යානයක අසුන්ගෙන සිටිය දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි, අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් වහාම විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා නියෝග කළේ ය. ඔහුව ඊයේ (01) වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් […]

නීති විරෝධී ආකාරයට රැකියාවන් සදහා පුද්ගලයින් විදෙස් ගත කරන බව සදහන් කරමින් මුදල් ජාවාරම් කළ පොලිස් නිලධාරියෙක්, කාන්තාවක් ඇතුළු සිව් (04) දෙනෙකුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නොමැතිව බදුල්ල ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගිය […]

කටුනායක ගුවන් තොටුපලට පැමිණි යානා තුනක් අයහපත් කාලගුණ තත්ත්වය මත මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා තිබේ. ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පැවති අධික වැසි සහ අකුණු ගැසීම මත මෙම පියවර ගත් බව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙල්බර්න්, මාලේ, දමාම් සිට පැමිණි ගුවන් යානා තුනක් මෙසේ මත්තල දක්වා හරවා යවා තිබේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.