දේශපාලන කෝණයෙන් බලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්වුවත් එහි සභාපති වශයෙන් ස්වාධීනව තමාට තිබෙන වගකීම නිසි ලෙස ඉටු කරගෙන යන බව කෝප් කමිටු සභාපති රෝහිත අබේගුණවර්ධන ‘මව්බිම’ට පැවසීය. කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත් වීම මහජන නියෝජිතයෙකු වශයෙන් සිය වගකීම පැහැරහැරීමක් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. දේශපාලන කෝණයෙන් බලා […]

‘රටේ ආර්ථිකය ඇද වැටෙන්න කථානායකවරයා ප්‍රධාන හේතුවක් වුණා. කථානායක පුටුවේ සිට ගත් සෑම තීරණයක් පිටුපසම දේශපාලනය තිබුණ බව අපිට පෙනුනා. කථානායකවරයා විධායකයේ අතකොළුවක් බවට පත්වුණා. අමු අමුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය කරා’ යයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාස බංගත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමේ […]

විදුලි බිල ඇතුළු විවිධ කරුණු විමසීම සඳහා විදුලි බල මණ්ඩලයේ  ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) හමුවට ලබන 21 වැනිදා  කැඳවනු ලැබ සිටිති. ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද එහිදී  සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. රෝහිත අබේගුණවර්ධන  කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වීමෙන් […]

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන තේරී පත් වී තිබේ. මේ අතර, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ධූරය දරන ලසන්ත අලගියවන්න රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) සභාපතිවරයා ලෙස පත් කර ඇත. Mawbima

කෝප් කමිටුවේ රැස්වීම් යළි දැනුම්දෙන තුරු අත්හිටුවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන  වැඩිදුරටත් පැවැසීය. dinamina

කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව කීවේ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස අද (16) පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමිනි. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග, මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ව තවත් දින 3ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට ඊයේ (14) තීරණය කරනු ලැබුවා. ඒ අනුව මෙම මස 24, 27 සහ 28 යන දිනවල ක්‍රිකට් ආයතන බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ඇති. ඊයේ (14) දිනයේදී කෝප් කමිටුව හමුවේ ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ රැසක් අනාවරණය වී තිබෙනවා. විශේෂයෙන්ම […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (14) පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙයි. අද (14) පස්වරු 2.00 ට මෙම කැඳවීම සිදු කර ඇති බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගැටලුවක් පවතීනම් ඒ පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු […]

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා […]

පසුගිය 2022 වසරේදී රුපියල් බිලියන 2ක වාර්තාගත ආදායමක් කළුබෝවිටියාන තේ කර්මාන්තශාලාව උපයාගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම සමාගමේ ප්‍රගතිය පිළිබඳව සොයා බැලීමට පසුගියදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණා. එහිදී අදාළ සමාගමේ සභාපතිවරයා පැවසුවේ, ගාල්ල,මාතර, මහනුවර දිස්ත්‍රික්කවල තේ කර්මාන්තශාලා 4ක් පවතින බවත්, රාජ්‍ය ආයතනයක් ලෙස නීතිරීතිවලට අනුගතව සමාගම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.