මියගිය පුද්ගලයන්ගේ ජාතික හැඳුනුම්පත් අංකවලට ජංගම දුරකථන සිම්පත් නිකුත් නොකරන ලෙස දුරකථන සේවා සමාගම්වලට දැනුම්දී තිබෙනවා. විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂිකා (අනුකූලතා හා විමර්ශන) තරලිකා ලිවේරා කියා සිටියේ, මියගිය පුද්ගලයන්ගේ නම්, ඔවුන්ගේ ජාතික හැදුනුම්පත් අංක සහ ඔවුන් භාවිත කළ දුරකථන අංකවල ලැයිස්තුවක් දිවයිනේ සෑම ප්රාදේශීය ලේකම් කාර්යාලයකින්ම මාසයකට වරක් […]