තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරි තිළිණි ප්‍රියමාලී සහ ජානකී සිරිවර්ධනට ඇප ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද අවසර දුන්නේය. තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩු හතකට එක් නඩුවකට රුපියල් 50,000 බැගින් රුපියල් 3,5,000,00 මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 14ක් යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර එක් […]

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටි පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි සහ ඉසුරු බණ්ඩාර ඇපමත මුදාහැර තිබේ. එසේම තිළිණි ප්‍රියමාලි සහ ජානකී සිරිවර්ධන දෙසැම්බර් 13 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

ක්‍රිෂ් සමුහ ව්‍යාපාරය විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. බිලියන ගණනක මුල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිළිණි ප‍්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.