දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව දරුවන් අතර ඩෙංගු රෝගය මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා A හා B වෛරසයද ව්‍යාප්තවෙමින් පවතින බවයි රිජ්ජේ ආර්යා ළමාරෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේය. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දෙමව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙන බව ද ඔහු පැවසීය. උණ පවතී නම් පාසල් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙසද ඔහු දැනුම් දෙයි.

කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බවයි දීපාල් පෙරේරා පැවසුවේ. උණ සමග කැස්ස, හෙම්බිරිසාව සහ සමහර අයට වමනය යාම වැනි රෝග ලක්ෂණ ළමුන්ට පෙන්නුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.