මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සිදු කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සැක මතු කරයි. ඇය චෝදනා කරන්නේ මෙහෙයුමේදී තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු නොකරන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලඥයන් සිටිනා බව කවුරුත් දන්නා බවත් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ප්‍රබලව ක්‍රියාත්මක වන බවත් ඇය කියා […]

අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996ක් ඉදි කිරීමට චීනය සමග ගිවිසුම්ගත වීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන අතර ඊට අදාළ මූලික එකඟතාවලට දැනටමත් එළැඹ ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මූලික එකඟතාව සඳහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී පසුගිය දා සිදු කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් […]

කැටවලමුල්ල වත්ත නැඟෙනහිර කුප්පියාවත්ත ග්‍රාමසේවා වසමේ පිහිටි තවත් පැරැණි වත්තකි. කැටවලමුල්ල පෙදෙස, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයේ පිහිටි එම වත්ත ‘89 වත්ත’ නමින් ද හඳුන්වනු ලැබේ. මවුලානා වත්තට යාබද වත්ත ය. එහෙත් මේ වත්ත මවුලානා වත්තට වඩා වෙනස්ය. එම වත්තේ පදිංචිකරුවන් ද යමක් කමක් ඇති, පිළිවෙළට ජීවත්වන පිරිසක් බව පෙනේ. වත්තේ […]

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ උපදේශක හිමිනමක් සහ රියැදුරු මත්කරවා රුපියල් ලක්ෂ 72 කට අධික මුදලක් කොල්ල කෑ තරුණියක් සොයා මීගමුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. පසුගිය 16 වැනි සිකුරාදා හිමිනමගේ ඥාති පුත්‍රයකු කොරියාවේ සිට පැමිණ ඇත. හිමිනම ඔහු රැගෙන යාමට ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේ එම තරුණයා මුහුණු පොතින් හඳුනාගත් තරුණියක්ද ගුවන්තොටුපළට පැමිණ […]

දෙනෝ දහසක් දෙනා බලා සිටියදී දෙමටගොඩ ලක්හිරු සෙවන මහල් නිවාස සංකීර්ණයේ මෛත්‍රී විහාර පාරට කඩු පොලු අතැතිව ත්‍රීරෝද රථ දෙකකින් කඩා වැදුණු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පුද්ගලයකුට සහ ඔහුගේ නැගණියට තියුණු ආයුධවලින් හා පොලු වලින් පහරදී බරපතළ තුවාල සිදුකර පලායමින් සිටියදී ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. එම සැකකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.