ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපල ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සඳහා අදාළ මුදල් ගෙවා නැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි. මේ වන විට මෙරට සිවිල් පුරවැසියෙක් පමණක් වන බැසිල් රාජපක්ෂට කටුනායක ප්‍රභූ පර්යන්තයෙන් ලැබෙන සේවා නොමිලේ ලබා ගැනීමේ වරප්‍රසාදය හිමි […]

අද (20) පෙරවරු 8.30ට පමණ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ රැගත් EK- 650 දරණ ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා විය. ඩුබායි සිට මෙරටට පැමිණී බැසිල් රාජපක්ෂ පිළිගැනීම සඳහා පොදු ජන එක්සත් පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේ ය. ඒ අතර […]

දිගු කාලයක් ඇමෙරිකාවේ ගතකළ, පසුගිය කාලයේ නිහඬ දේශපාලන පිළිවෙතක් අනුගමනය කළ බැසිල් රාජපක්ෂ ලබන 20 වැනිදා පෙරළා දිවයිනට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ අර්බුදයකට පත්ව සිටින මේ මොහොතේ බැසිල් රාජපක්ෂ  මෙසේ හදිසියේම දිවයිනට පැමිණීමට තීන්දු කොට තිබෙන්නේ ඇදවැටී තිබෙන එම පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යභාරයට බව ආරංචි මාර්ග සඳහන් […]

22 ගෙනා විනාශය! 22 වැනි සංශෝධනය යනු 19 වැනි සංශෝධනය තරමටම ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම්වලින් ගහන එකක් යැයි කිවහොත් එහි කිසිදු අතිශයෝක්තියක් නැත. ඊට හේතුව වන්නේ 19 වැනි සංශෝධනය හා සමානවම 22 වැනි සංශෝධනය හරහාද රටේ දේශපාලනයේ මෙන්ම පක්ෂ දේශපාලනයේද හැලහැප්පීම් විශාල ප්‍රමාණයක් සිදුවීමය. පසුගිය සතියේ අපි මෙම ‘රාජ්‍ය රහස්’ තීරය […]

“පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට අභියෝග කිරීමට කිසිවෙකුට හෝ නොහැකි” බව කෝප් කමිටු සභාපති මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි. පොදුජන එක්සත් පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ බැවින් එම පක්ෂයේ බහුතර මෙහෙයවීම් කටයුතු සිදු කරන්නේ ද බැසිල් රාජපක්ෂ බව මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීය. මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්. 7) අවසර ලබා දී තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව […]

රට අර්බුදයකට ඇදදැමීම සඳහා ‍චේතනාන්විතව ආර්ථික අපරාධ සිදුකළ කණ්ඩායම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් මගින් හෙළිදරව් කොට ඇති බව නිදහස ජනතා සභාව අවධාරණය කරයි. එහි නියෝජිතයින් ඒ බව සඳහන් කළේ, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේදී පැවති හමුවකදීය. එම අවස්ථාවට එක්වෙමන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් “UN එකෙත් කියන්නේ මෙතන පළමු වතාවට […]

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත. ඒ අද (09) දින සවස 05:20 ට කටුනායක සිට ඩුබායි බලා පිටත් වන ගුවන් යානයකින් ඩුබායි බලා ගොස් එතැනින් ඇමරිකාව බලා යාමට නියමිත බවට වාර්තා වේ. කෙසේ වෙතත් transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනුකළ නඩුවක් […]

පිහිටුවීමට යෝජිත සර්ව පාක්ෂික හෝ ජාතික ආණ්ඩුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වැඩි ඇමැති ධුර සංඛ්‍යාවක් ඉල්ලා සිටීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් අතර පවත්වා තිබේ. එහිදී කැබිනට් ඇමැති ධුර හා රාජ්‍ය […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සදහා අවකාශ සලසන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉල්ලීමක් කර තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක දී පොදුජන පෙරමුණ මෙම ඉල්ලීම කර තිබේ. කොළඹ ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව පැවැත්විණි. මෙහිදී අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.