මේ වන විට මහත් ආන්දොලනයක් ඇති කර ඇති රත්‍රං මිශ්‍රිත පස් මෙරටින් පිට කිරීමේ සිද්ධියක් පිළිබඳව මේ වන විට මාධ්‍යන් ඔස්සේ වාර්තා කරමින් ඇත. රත්තරං මිශ්‍රිත පස් මෙරටින් පිට කරන්නේ නම් ඒ් සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග දක්වමින් විගණන වාර්තාවක් ද මේ වනවිට නිකුත් කර තිබේ. එවන් පසුබිමක් තුල පසුගිය සිකුරාදා […]

කිලිනොච්චි දිස්ත්‍රික්කයට අයත් පනිකක්ද මඩු රක්ෂිතයට අයත් ප්‍රදේශයේ ගොඩ වැලි නිධි හාරා වැලි ඉවත් කිරීමේ මහා ජාවාරමක් කොටුකරගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය හා විශේෂ කාර්යය බලකාය , සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද සහාය සහිතව වැටලීමක් සිදුකර ඇත. මෙම ජාවාරම සිදුවන ස්ථානයට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් ජයපුරම් පොලිස් ස්ථානය පිහිටා […]

අද (24) හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අලුයම හටගෙන තිබේ. මේ හේතුවෙන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය  පැවසුවේය. එම භූ කම්පනය හම්බන්තොට මිරිජ්ජවිල, ගොඩවාය, ඩිපෝ හංදිය, දෙහිලන්ද සහ අම්බලන්තොට ප්‍රදේශවලට දැනුණු බව එම ප්‍රදේශවල ජනතාව […]

මේ වනවිට සිදුව ඇති භූකම්පන පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ධනුෂ්ක හෙට්ටිආරච්චි පවසා සිටියේ, ඊයේ දවස පුරා ශ්‍රී ලංකාව පිහිටි ඉන්දු – ඔස්ට්‍රේලියානු තැටිය සහ ඊට ඉහළින් පිහිටි ආසියානු තැටිය අතර භූකම්පන රැසක් සිදුව ඇති බවය. “ශ්‍රී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.