නඩු විභාගය අවසන් වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තබන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (මාර්තු 14) නියෝග කර තිබේ. ඒ, සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ය. එහිදී ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම […]

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් අද අද (පෙබ. 15) දින මාලිගාකන්ද මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි. mawbima.lk කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, “හෘදය ආශ්‍රිතව ඇතිවූ වේදනාවක්” හේතුවෙන් සැකකාර හිටපු අමාත්‍යවරයා බන්ධනාගාර වෛද්‍යවරයා […]

ආන්දෝලනාත්මක මානව ප්‍රතිදේහ එන්නත් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (පෙබ. 3) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. අමාත්‍යවරයා ඊයේ (පෙබ. 2) පෙ.ව. 9:00ට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර පැය 10කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට […]

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත. එහිදී අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත්තේ හෙට (02) දිනයේ පෙරවරු 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටය. aruna

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් පිටකොටුව ඕල්කට් මාවත ආශ්‍රිතව පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණා. ඉන්පසුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.