ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීමට රුපියල් කෝටි දෙදහසක් අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්වීමට නියමිත බවත් ඊට අදාළ කෝටි දහසක ඇස්තමේන්තුව මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් හෙතෙම කීවේය එම ඇස්තමේන්තුව පාර්ලිමේන්තුව දැනටමත් අනුමත කර ඇත. සුජිත් හේවාජුලිගේ

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය කැඳවන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොව මැතිවරණ කොමිසම විසින් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි. ඒ අනුව මැතිවරණ කොමිසම එළඹෙන ඔක්තෝබර් මස 17 වැනිදාට පෙර කැඳවන ජනාධිපතිවරණයකින් මෙරට ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක තේරී පත්වන බවද හෙතෙම පැවසීය. ඒ බව ස්වාධීන සමීක්ෂණ වාර්තා රැසකින් මෙන්ම […]

පසුගියදා පකිස්තානයේ විපක්ෂ නායක ඉම්රාන් ඛාන්ට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරමින් සිරගත කළ අතර වත්මන් අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් මත එරට ජනාධිපති අසීෆ් අලී විසින් ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ පකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. මහ මැතිවරණය ලබන නොවැම්බර් මාසයේ පැවැත්වීමට සූදානම් වන නුමත් එරට මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණය තවත් […]

පළාත් පාලන මැතිවරණ අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළු සෙසු පහසුකම් සියල්ල සම්පූර්ණ වන තෙක් නැවත මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා සඳහන් කරයි. මැතිවරණ දින ප්‍රකාශයට පත් කරමින් දිගින් දිගටම ඒවා කල් දැමීම තුළින් මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් වන බවද හෙතෙම පැවසීය. මැතිවරණය පැවැත්වීමට අදාල සෑම බලධාරියෙකු සමඟම දැනට […]

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බවයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, “මැතිවරණ කොමිසමත් එක්ක සුහද […]

පළාත් පාලන මැතිවරණය කල් යැවීමේ වැරැද්ද තමාගේ පිට පැවරීම සඳහා මැතිවරණ කොමිසම ක්‍රියාකර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ  ‘දිවයින’ට පැවසුවාය. මුදල් ලේකම්ගෙන් මෙම මුදල් ප්‍රමාණය ඉල්ලිය යුත්තේ මැතිවරණ කොමිසම යැයි ද ඇය කීවාය. කෙසේ වෙතත් මෙම මුදල් ඔවුන් නොඉල්ලා තමා වෙත එම වගකීම පැවරුවේ අදාළ මුදල නොලැබෙන නිසා විය හැකි […]

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත තීන්දුවකට එළැමීමට මැතිවරණ කොමිසමට අද නොහිකි වූ අතර එම ඡන්ද විමසීම දින නියමයක් නැතිව කල් දමා තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඒ බව නිවේදනය කළේය. දේශපාලන පක්ෂ ලේකම්වරයන්ගේ අදහස් යෝජනා සලකා බලා නීති පිළිබඳවද අධ්‍යනයෙන් ඉදිරි කාලයේ තීරණයකට එළඹෙන බවය. රංජන් කස්තුරි

එළඹෙන අප්‍රෙල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම, පෙර ප්‍රකාශයට පත් කර තිබූ දිනවලදී සිදු නොකෙරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි. ඒ අනුව මාර්තු 28, 29, 30, 31 හා අප්‍රේල් 03 යන දිනවලදී සිදුකිරීමට සැලසුම් කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු එදින […]

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය, 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් […]

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ. ඒ, ඔහු අද (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.