දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ගොස් තිබේ. මෙම නියෝගය ඉල්ලා ඊයේ දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරල ද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරෙන් එකක් අගරදගුරුතුමන් විසින් ගොනුකර ඇත. මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් […]

ශ්‍රී ලංකාව බංකොලොත් කරන කළ පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කර ඇති තීරණය අනුව ඊට වගකිව යුත්තන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි සමගි ජන බලවේගය වැලිගම ආසනයේ ප්‍රධාන සංවිධායක රෙහාන් ජයවික‍්‍රම සඳහන් කරයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මෙම කටයුතු සඳහා පක්ෂ විපක්ෂ සියළු දෙනා […]

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළ වන්දි සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් තම වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු […]

නීතියට පටහැනිව තමන් නැගෙනහිර පළාතට මාරු කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම පෙත්සම එස්.තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම් නවාස් යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් […]

සේවක අර්ථසාධක අරමුදලේ (EPF) පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය 9% දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. විජිත් […]

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබේ. මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර […]

දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඔහු ඉන් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා නම් කර තිබේ. […]

තමන් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබා ගැනීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි ෂිහාබ්දීන්  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර […]

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පනවනු ලැබූ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (මාර්තු 22) ආගමන හා […]

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (ඔක්. 7) අවසර ලබා දී තිබේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසට, රජයට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මෙම පිරිසට එරෙහිව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.