ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම්  තවදුරටත් වර්ධනය වීම ඊට බලපා තිබේ. මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ඩීසල් හිගයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද කැඳවීමට පියවර ගෙන තිබේ. එළැඹෙන ශීත සෘතුවේදී යුරෝපයට බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී ඇත. […]

ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු ආධාර සොරකම් කිරීමට සම්බන්ධ වී ඇති බවට විමර්ශනයකින් අනාවරණය වී ඇති බවයි. ඒ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. […]

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර නොගතහොත් ලංකාවට කිසිසේත්ම GSP+ බදුසහනය නැවත ලැබෙන්නේ නැතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා  සඳහන් කරයි. යුරෝපා සංගමය විසින් ලබා දී තිබෙන මෙම බදු සහනය මේ වන විට අවසන් වී ඇති බවත් ඒ අනුව ලංකාව ඇතුළු ආසියාව රටවල් හයක් […]

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ණය හිමියන් විසින් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ශ්‍රී ලංකාවේ මිලියන ගණනාවක ජීවිත අවදානමට ලක්වනු ඇති බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය කියා සිටියි. මෙරට ආර්ථික ස්ථාවර භාවය සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ණය හිමියන් එකඟතාවය පළ කළ යුතු බවත් එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර සංවිධානවල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.