රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසයි.  එම සංගමය සඳහන් කළේ, එය නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවය. එහිදී අදහස් දැක්වූ වෛද්‍ය ප්‍රසාද් හේරත් පැවසුවේ සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු […]

අසාධාරණ ඉල්ලීමක් මත වැඩ වර්ජනයක නිරත වන සියලු සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ තහනම් කිරීමකට ලක් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඉල්ලා සිටී. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම පැසසිය යුතු කටයුත්තක් බවයි. එතනින් නොනැවතී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා රාජකාරියට වාර්තා […]

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරය කෙහෙළිය රඹුක්වැල්ල මේ වනවිට සිටින්නේ බන්ධනාගාර රෝහලේයි. මේ අතරම ඔහුට බන්ධනාගාර රෝහලෙන් ලබා දෙන ඖෂධ භාවිතා කිරීම ප්‍රතික්ෂේප කරන බවටයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ප්‍රකාශ කර සිටියේ. එසේම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවෙන් ගෙන ආ ඖෂධ භාවිතා කිරීමට අවශ්‍ය යැයි ප්‍රකාශ කර ඇති බව සඳහන් […]

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව හෙවත් රුපියල් 35,000ක දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගනු ලබන බව සඳහන් කරයි. dinamina

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.  ඒ හේතුවෙන් හෘද රෝගීන්ගේ ජීවිත අනතුරට පත්ව ඇති බවත් බොහෝ රෝගීන්ට පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදුව තිබෙන බවත් වෛද්‍යවරයා සඳහන් කළිය. සෞඛ්‍ය […]

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය. පැය 24ක් පුරා ක්‍රියාත්මක මෙම සංකේත වැඩ වර්ජනය හෙටින් ආරම්භ කරන බව එම සංගමය […]

ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂක කටයුතු සඳහා සැලසුම් කෙරෙන ජංගම ගිලන් රථ සේවාවලින් නොවැම්බර් 01 දින සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එසේ තීරණය කර තිබෙන්නේ ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ඊයේ (25) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මධ්‍යම කාරක සභා […]

ඉදිරි කටයුතුවලදී වෛද්‍ය ජී. විජේසුරිය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පිළිනොගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ මෙම තීරණය එළඹෙන සතියේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැනුම්දීමට නියමිත බවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ […]

වෛද්‍යවරුන් සඳහා ලබාදෙන වැටුපට අමතරව වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ. ඉදිරි අයවැයෙන් මෙම වැටුප් වර්ධකය ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. වෛද්‍යවරුන් රට හැර යාමට පෙළඹී ඇති බවත් මෙයට විසඳුමක් ගැනීමට රජය කටයුතු නොලහොත් වෛද්‍ය හිගයක් ඇති විය හැකි බවත් ඔහු […]

වෛද්‍යවරුන් සඳහා ඉදිරි අයවැයේ දී සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබාදීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වාදෙන්නේ වැටුප් ගැටලුව හේතුවෙන් බොහෝ වෛද්‍යවරුන් රට හැරයාමට පෙළඹී ඇති බවය. කොළඹ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.