පවතින වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතියහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැකි වන්නේ තවත් සති 04ක කාලයකට පමණක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. පවතින වියළි කාලගුණය හමුවේ ජල විදුලිය නිෂ්පාදනය සියයට 15 දක්වා පහළ වැටී ඇති බවද වාර්තා වෙයි. තාප විදුලි නිෂ්පාදනය හේතුවෙන් කප්පාදුවකින් තොරව මේ වනවිට විදුලි බලය ලබාදීමට හැකියාව […]

නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි ජනනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (15) පැවසීය.   මෙම තත්වය හේතුවෙන් සමනළ වැව ජලාශයෙන් ජාතික විදුලි පද්ධතියට එකතු වන මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණය […]

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු සඳහා නතර කර ඇතැයි විදුලි බල මණ්ඩලය පවසයි. එහි නඩත්තු කටයුතු අප්‍රේල් මාසය දක්වා පැවැත්වේ. කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසයි.

අද දිනයේ සිට ලබන පෙබරවාරි මස 17 වන දින දක්වා විදුලි කප්පාදුවට අවසර නොදීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව එම දිනවලදී ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටින විදුලි කප්පාදු සඳහා අවසර නොදෙන බව කොමිසම සඳහන් කළේය. මෙම දිනවල උසස් පෙල විභාගය පැවැත්වෙන හෙයින් ඒ සඳහා අඛණ්ඩව විදුලිය ලබා […]

විදුලි බිල ඉහල දැමීම හා විදුලි කප්පාදුව හේතුවෙන් මේ වසරේ අනිවාර්යෙන්ම රට පුරා හර්තාල් ව්‍යාපාරයක් ඇරඹෙන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සඳහන් කරයි. එහි කැදවුම්කරු රන්ජන් ජයලත් සඳහන් කරන්නේ එවන් ක්‍රියා මාර්ගයක් ආරම්භ කළහොත් ඊට සහාය පළ කරන්නට වෘත්තීය සමිති සන්ධානය ලෙස සූදානම් බවයි. විදුලි බිල ඉහළ දැමුවොත් […]

නොරොච්චෝලේ ‘ලක්විජය’ ගල්අඟුරු බලාගාරයේ 3 වැනි ජනන යන්ත්‍රය ලබන දෙසැම්බර් 15 වන දින ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට නියමිතව බවත් ඉන් පසුව සංචාරක අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. රටපුරා රාත්‍රී විදුලි කප්පාදුව පැය 1 දක්වා […]

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය ඉතාම අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇතැයි රතුකුරුස සංවිධානය සඳහන් කරයි. එම සංවිධානය නිකුත් කළ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව මත ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් ඇති වී තිබෙන බවයි. මෙම තත්ත්වය මත හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට ද බලපෑම් එල්ල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.