මෙරට වෙළෙඳපොලේ ඉන්දීය බිත්තර මිලට වඩා දේශීය බිත්තරවල මිල පහළ ගොස් ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පැවසුවේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තරයක මිල රුපියල් 45ක් වන අතර දේශීය බිත්තරයක මිල රුපියල් 40ක් බවයි. එලෙස තවදුරටත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට අවශ්‍ය නොවන බව […]

වයඹ පළාතේ සෑම පාසල් දරුවකුගේම ආහාර වේලට බිත්තරයක් එකතු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය. ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ කාර්යාලයේදී පසුගිය 04 වැනිදා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදීය. පාසල් දරුවන්ට ලබාදෙන කොළ කැඳවල ප්‍රමිතිය වෙනස් කිරීමට හැකි වුවද බිත්තරවලට […]

ඊයේ (23) සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ආනයනික බිත්තර මුද්‍රා මකා වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම් කර තිබූ ස්ථානයක් වටලනු ලැබීය. අදාළ ගබඩාව දුම්මලසූරිය ඇතුංගහකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගොස් තිබුණේය. ඉන්දියාවෙන් ආනයනික බිත්තර තොගයක මුද්‍රා මකා අලෙවියට සුදානම්කර ඇති බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයට තොරතුරක් ලැබී ඇත. ඊයේ රාත්‍රියේ අදාළ ගබඩාව […]

දිවයිනපුරා බොහෝ වෙළඳුන් තවමත් පාලන මිලට වැඩියෙන්  බිත්තර අලෙවි කරන බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති. රුපියල් 44ක් සහ 46ක් වශයෙන් පාලන මිල ක්‍රියාත්මක වුවද බොහෝ වෙළඳුන් බිත්තරයක් රුපියල් 47 සිට 60 දක්වා වැඩි මිලට අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසා කන බව පෙන්වාදෙන ඔවුහු මේ දිනවල වෙළඳපොලේ බිත්තර හිගයක් ද පවතින බව කියා […]

දේශීය බිත්තරයක මිල රුපියල් 50 ට අඩුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ, ඊයේ (16) තම සංගමයේ නියෝජිතයින් රැස්වී මෙම තීරණය ගත් බවයි. මේ අතර ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර ප්‍රමාණය වැඩි කර, ඒවා පාරිභෝගික ජනතාවට ද අලෙවි කළ යුතු බව සමස්ත […]

රජය ආනයනය කර අලෙවි කරන බිත්තරවල මිලට වඩා අඩුවෙන් තම සංගමය බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පැවසීය. එම මිල කීයද යන්න පැවසිය හැක්කේ රජය ආනයනය කරන බිත්තර අලෙවි කරන මිල දැන ගැනීමෙන් පසුව බවත් ඔහු කියයි. රජය ආනයනය කරන බිත්තර රුපියල් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.