එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අද (12) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව අද පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 316.54ක් වූ අතර විකුණුම් අගය රුපියල් 327.92ක් ලෙස සටහන් වේ.

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර ඇත. දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙසම පවතිනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් […]

ශ්‍රී ලංකා රුපියලට ඉදිරියේදී ඉතාමත් දුෂ්කර කාලයට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයන් අනාවැකි පළ කර ඇතැයි බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. ලෝකයේ මුදල් ඒකක අතරින් ක්‍රියාකාරීම මුදල් ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාව ආනයන සීමා ලිහිල් කිරීමත් ණය ගෙවීම ආපසු ආරම්භ කිරීමත් සමඟ අනාගතයේදී ඉතාමත් දුෂ්කර කාලයකට […]

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා මෙම සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මේ වන විට විදේශ විනිමය ‌වෙළෙඳපොළ දියුණු වී ඇති බවත්, වෙළෙඳපොළ තුළින්ම විනිමය අනුපාතිකය තීරණය කිරීමට ඉඩප්‍රස්ථා ලබා දී ඇති බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් ‌කළේය. […]

එක්සත් ජනපදයේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය ස්ටීව් හැන්ක්ගේ ශ්‍රේණි ගත කිරීම් අනුව ලොව බාල්දුම මුදල් ඒකක අතර 3 වෙනි ස්ථානය ශ්‍රී ලංකා රුපියලට හිමි වී තිබේ. එම ශ්‍රේණිගත කිරීමට අනුව පළමුවෙනි ස්ථානය සිම්බාබ්වේ මුදල් ඒකකයටත්, දෙවැනි ස්ථානය කියුබානු මුදල් ඒකකයටත් හිමිව තිබෙනවා. ජනවාරි මස 1 වෙනිදා සිට ඉකුත් 16 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.