මියන්මාර බන්ධනාගාරයේ සිටින අවුන් සාන් සුකී එරටට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් නිවාස අඩස්සියට පත් කර ඇතැයි එරට හමුදා රජයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් සෝ මින් තුන් පැවැසුවේය. මියන්මාරයට බලපා ඇති දැඩි උෂ්ණත්වය හේතුවෙන් 78 වැනි වියේ පසුවන අවුන් සාන් සුකී රෝගාතුර විය හැකි නිසා මෙම තීරණය ගත් බව මේජර් ජෙනරාල් […]

අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු අද (මාර්තු 29) දහවල් පළා ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි. mawbima.lk සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේ ය. ඔහු සඳහන් කළේ, පළා ගොස් ඇති රැඳවියන් දෙදෙනා අනුරාධපුරේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ සහ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව […]

සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි ජීවිතක්ෂයට පත්ව තිබේ. යමලෝ නෙනෙට්ස් පළාතේ බන්ධනාගාරයක සිර දඬුවම විඳිමින් සිටි 47 හැවිරිදි ඇලෙක්සි නෙවල්නි එරට වේලාවෙන් ඊයේ (16) පස්වරු දෙකට මියගොස් ඇතැයි බන්ධනාගාර නිලධාරීන් වාර්තා කර ඇත. රුසියානු මාධ්‍ය සඳහන් කරන්නේ ශාරීරික සුවතාවය සඳහා ඇවිදිමින් සිටින අතර ඔහු අසනීප වී ඇති බවයි. […]

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් Toshakhana නඩුවේ වරදකරු කිරීම සහ වසර 03ක සිර දඬුවම ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අත්හිටුවා තිබේ. ඉම්රාන් ඛාන් පාකිස්තානයේ අග්‍රාමාත්‍යධුරය දරණ කාලසීමාවේදී විදේශයන්ගෙන් ලද ත්‍යාග අලෙවිකර එම මුදල් ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලකරමින් ගොනුකළ නඩුව ‘Toshakhana case’ නමින් හඳුන්වයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.