මෙරට තෙල් බෙදාහැරීමේ බලය විදෙස් සමාගම් තුනකට . . .

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස දෙක ඇතුළත සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීමෙනි. චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්ට්‍රෝලියම්, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්.එම්. පාක්ස් කියන ආයතන තුනට මෙරට තෙල් බෙදාහැරීමේ බලය මේ වන විට හිමිව තිබේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතේ ඉන්ධන බෙදාහරින පිරවුම්හල් එක්දහස් එකසිය හතළිස් දෙකක් ඇත. ඒ අතරින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පූර්ණ හිමිකම ඇත්තේ පිරවුම්හල් දෙසිය තිස් හතරකය. ඉතුරු පිරවුම්හල් නවසිය අටෙහිම පෞද්ගලික බෙදුම්කරුවන්ට අයත්වේ.

මෙම පිරවුම්හල් නවසිය අටෙන් හාරසිය පනහක් සමාගම් තුනක් එක්ක කටයුතු කිරීමට යෝජනා කළ ඇති අතර ඊට අමතරව එම පිරවුම්හල් ඔවුන්ටම අයිති වන බව ඇමැතිවරයා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, සෑම සැපයුම්කරුවකුටම අලුතින් පිරවුම්හල් පනහක් ඉදිකර ගැනීමට අවස්ථාව හිමි වන බවත්, එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් දෙසීය බැගින් ලබාදීමට කටයුතු කරන බවයි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රුපියල් ලක්‍ෂ 50ක් අස්ථානගතවේ . . .

Wed Apr 12 , 2023
අද (12) පෙරවරුවේ, කොටුව පොලිසිය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් සුරක්ෂිතාගාරයේ අතුරුදහන් යැයි පවසන රුපියල් ලක්ෂ 50 ක මුදල සම්බන්ධයෙන් පැමිණිල්ල විමර්ශනයට මහ බැංකුව වෙත ගොස් ඇත. එහිදී එයට අදාළව කිහිප දෙනෙකුගෙන් පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. එම සිද්ධියට අදාළ පැමිණිල්ල මහ බැංකුවේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ගොනුකර ඇති බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x