සමාජ මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ලෙස ප්‍රවෘත්ති පළකර තම කීර්ති නාමයට හානි සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් ඉල්ලා අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ එන්තරවාසියක් යොමුකර තිබේ. කීර්ති රත්නායක නමැති අයකුට එරෙහිව නීතිඥ අමා සඳමිණි එදිනාදුර මගින් අධිකරණ ඇමැතිවරයා අදාළ එන්තරවාසිය යොමු කර ඇත. කීර්ති රත්නායක නමැත්තා […]
Year: 2023
වයස අවුරුදු හතර සපුරන සියලු දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්ය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. ඇමැතිවරයා මේ බව පැවසුවේ ‘සුව දිවියයි සතුටු සිතයි’ පාසල් සෞඛ්‍ය ප්‍රවර්ධන මාසය දියත් කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ‘වොටර්ස් එජ්හි’ දී පසුගියදා පැවති වැඩසටහනකට එක් වෙමිනි. ඇමැතිවරයා මෙසේ ද කීවේය. “පූර්ව ළමා විය […]
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් විශාල ප්‍රචාරක වැඩ කොටසක් ඉටු කරමින් සිටින අතර එහිදී බුද්ධ සාසන ආගමික සහ සංකෘතික කටයුතු සම්බන්ධයෙන් වඩාත් ආක්‍රමණික ආකාරයෙන් ක්‍රියාමාර්ග දියත් කර ඇති බව අනාවරණය වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සමන් ඒකනායක ලේකම්වරයා ඍජුවම කටයුතු කර ගෙන යන ක්ෂේත්‍ර කීපයක් ඇති […]
ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායිකාවක වන රම්ලා බේගම් අභාවප්‍රාප්ත වී තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ ඇය අද (28) උදෑසන මියගිය බවයි. 1946 වසරේ කේරළ ප්‍රාන්තයේ උපත ලද ඇය කුඩා කල සිටම හින්දි ගීත ගායනා කරමින් සිය සංගීත ගමන ආරම්භ කළ බව වාර්තා වෙයි. අනතුරුව ඇය මලයාලම් සංගීත සංදර්ශන රාශියකට සහභාගී වීමෙන් […]
ආයතන කිහිපයකින් අනුමැතීන් (නිර්දේශ) ලැබීමේ ප්‍රමාදය හේතුවෙන් කෝටි 74 කට වැඩි වටිනා ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් 115ක් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රේගුවට වසර දෙකකට වැඩි කාලයක් ගතවීමෙන් එම ද්‍රව්‍ය විනාශවීමේ අවදානමක් පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි. මෙසේ ප්‍රමාදවී ඇතැයි පැවසෙන්නේ එම භාණ්ඩ නිදහස් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය සහ […]
ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය . සිය දෛනික ගුවන් ගමන් මෙහෙයුම් සදහා ගුවන් යානා 24 ක් අවශ්‍ය වුවද , දැනට ක්‍රියාකාරී මට්ටමේ ධාවන කටයුතුවල නිරත වී සිටින්නේ ගුවන් යානා 20 ක් […]
ඊයේ (27) පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් විශේෂ වැටලීම් ඒකකය වැටලීමක් ක්‍රියාත්මක කර තිබේ. එහි දී තොග සහ සිල්ලර වශයෙන් පොල්තෙල් අලෙවි කරන ස්ථානයක් පරීක්ෂා කර ඇති අතර, එහි දී අනාවරණය වී ඇත්තේ, එම වෙළෙඳසල පොල් සංවර්ධන අධිකාරිය මඟින් ලබා දෙන ප්‍රමිති ලාංඡනය අවභාවිත කර ජනතාව […]
කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි. නාගරික සංවර්ධන අධිකාරිය ඉදිකළ මාලිගාවත්ත ලක්හිරු සෙවන සහ කාලිංග මාවතේ කොළොංතොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණවලින් මෙම නිවාස ලැබෙන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ණය මුදලකින් […]
උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි. ගින්න වේගයෙන් පැතිර ගිය අතර, ගින්නට හසුවූයේ ශාලාව තුළ සිරවුණු පිරිස් යැයි මාධ්‍ය පවසයි. ගින්න හටගත්තේ ඉරාකයේ වේලාවෙන් රාත්‍රී 10.45 ට පමණය. […]
කොල්ලුපිටියේ තරුපහේ හෝටලයක 11 වැනි මහලේ බලපත්‍ර නොමැතිව මැණික් වෙන්දේසියක් පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස්දෙනකු රුපියල් කෝටි ගණනක මැණික් තොගයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. කොල්ලුපිටිය පොලිසිය හා ස්වර්ණාභරණ අධිකාරිය එක්ව මෙම වැටලීම කරනවිටත් චීන ජාතිකයන් දෙපිලකට බෙදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා අලෙවි කිරීමේ නිරතව සිට තිබේ. මැණික් හා ස්වර්ණාභරණ […]