වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ ආචාර්ය ප්‍රසාද් සමරසිංහ සිය පෞද්ගලික අවශ්‍යතාවක් මත තනතුරෙන් විශ්‍රාම ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සමු ගැනීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. විවිධ හේතු රාශියක් මත ඉතා අස්ථාවර තත්ත්වයට පත්ව තිබූ ජාතික රූපවාහිනිය යළි නඟාසිටුවීම සඳහා […]

මරදාන ඩීන්ස් පාර ඔස්සේ ඇවිද යන්නට අප කතිකා කර ගත්තේ කාරණා කිහිපයක් පෙරදැරි කොටගෙනය. ගාමිණී හෝල් පසුකොට ඩී. ආර්. විජේවර්ධන මාවතට පිවිසෙත් ම දකුණුපසට වන්නට පිහිටි පොත් කඩ කිහිපයක් අපගේ නෙත් ගැටෙන්නට වූයෙන් අපි එහි පොත් කඩ වෙත ගොඩවන්නට වූයෙමු. බැලූ බැල්මට මෙම වෙළෙඳ සැල් පරණ පොත්වලින් පිරී ඉතිරී යන්නට […]

දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කළේ, දුම්වැටි භාවිතය නිසා වසරකට පුද්ගලයන් 20,000ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව ය. ඊයේ (මැයි 31) යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනයට අදාළව නිවේදනයක් නිකුත් කරමින් […]

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ස්ථාවර තැන්පතුව නැවත ලබාදීම දැන් කාලෝචිත යැයි සිතමි. එය බැංකු පොලිය 27%ක් දක්වා යාමේදී 15% කුමක්ද? එවිට ස්ථාවර තැන්පතුවට 15%ක් දීම අවලංගු කරන ලදී. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අපට සොච්චම් මුදලක් පමණක් අනාගතයට ඉතිරි වී තිබේ. එය බැංකුවේ දැමූ විට ලැබෙන පොලියෙන් මාසයේ […]

යාපනය දිස්ත්‍රික්කයේ උරුමය ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදී පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධව ජනපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමු වී තිබේ. මීට ප්‍රථමයෙන් 2023 මැයි මාසයේ දී ජනපති ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ රැස්වීමකදී ද මේ බැව් ප්‍රකාශ වී තිබුණි. එහිදී පුරාවිද්‍යා ඉඩම් සම්බන්ධව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ට යොමු කරන […]

සෑම වසරකම ලෝක ජෛව විවිධත්ව දිනය සමරනු ලබන්නේ මැයි මස 22 වැනිදාටය. ජෛව විවිධත්වය සංරක්ෂණය, එය තිරසර භාවිතය සහ ජෛව විවිධත්වයෙන් ජනිතවන ප්‍රතිලාභ සමානව හා සාධාරණව බෙදාගැනීම යන කාරණාවලට මුල් තැන ලබාදීම මෙම දිනය සැමරීමේ අරමුණයි. 1992 දී රියෝද ජැනයිරෝ නුවරදී මුල් වරට පැවැත්වූ ලෝක මිහිතල සමුළුවේදී ලෝක ජෛව විවිධත්වය […]

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්‍රී සීලාලංකාර නාහිමිපාණන් වහන්සේ ත්‍රස්ත ප්‍රහාරයට ලක්ව අපවත්වී මෙම 26 වැනිදාට වසර 28ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. සිංහල, දමිළ, මුස්ලිම් හා ආදිවාසි ජනතාවට සමානව සේවය කරමින්, ජාති, ආගම්, […]

ලෝක සම්භාව්‍ය සංගීතයේ යුග පුරුෂයකු ලෙස හැඳින්වෙන ඔස්ටි්‍රයානු ජාතික ජෝෂප් හේඩන් ගේ ප්‍රකට නිර්මාණයකට සංගීතය නිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් මහා සංගීතවේදී ප්‍රේමසිරි කේමදාසයන් ගේ දියණියක වන ගයාත්‍රි කේමදාසට හිමිවිය. එංගලන්තයේ පොර්ට්ස්මත් විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ මහාචාර්ය ජෝර්ජ් බරෝස්ගේ මෙහෙය වීමෙන් “හැවන්ට් සංධ්වනි වාද්‍ය වෘන්දය” (Havant Symphony Orchestra ) පොර්ට්ස්මත් හි ශාන්ත […]

විසිවැනි සියවසේ සිංහල සාහිත්‍යය, විචාර කලාව හා  නාට්‍ය කලාව යන ක්ෂේත්‍රවල  අභිවර්ධනය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් හා බුද්ධිමය සම්ප්‍රදානයක් ලබා දුන් කීර්තිමත් ශාස්ත්‍රාලයීය විද්වතකු ලෙස සම්භාවනාවට පාත්‍ර වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 – 1996) තම ශාස්ත්‍රීය හා නිර්මාණාත්මක ජීවිතය විශ්වවිද්‍යාල දේශනවලට පමණක් සීමා නොකළේය.  සිය ශාස්ත්‍ර කලා ජීවිතයේ දී පුවත්පත, ගුවන් […]

ක්‍රෙඩිට් කාඩ් යනු මාරයකු බව බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ මතයයි. එබැවින් ඇතැමුන් එම කාඩ්පත් ලබා ගැනීමට පවා බිය වෙති. සැබැවින්ම ක්‍රෙඩිට් කාඩ්පත් ඔතරම් භයානකද? එසේ නම්, සාමාන්‍ය ආදායමකින් හෙබි ඇතැම් පවුල් ක්‍රෙඩිට් කාඩ්පත් මත පමණක් යැපෙමින්, සුව සේ ජීවත් වන්නේ කෙසේද? මෙහි රහස කුමක්ද? 1. ක්‍රෙඩිට් කාඩ්පතකින් සිදු කෙරෙන්නේ කෙටි කාලීන ණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.