පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරයි . . .

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අද (21) දිනට සිව් වසරක් ගත වේ. ඒ අනුව අද(21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා ජන පවුරක් නිර්මාණය කිරිමට කතෝලික සභාව සැලසුම් කර ඇත.

එමෙන්ම පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය අය සිහිකරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වීමට නියමිතයි. මේ අතර ඊයේ පස්වරුවේ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයේ දී දිව්‍ය පූජාවක් පැවැත්විණ.

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේ ලංකාවේ කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි තුනක් ද, කොළඹ සුඛෝපභෝගී හෝටල් තුනක් ද ඉලක්කකර ඉස්ලාමීය ත්‍රස්තවාදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල විය. එදිනම, දෙමටගොඩ පිහිටි නිවාස සංකීර්ණයක ද, දෙහිවල පිහිටි ලැගුම්හලක ද පිපිරීම් වාර්තා විය.

කෙසේවෙතත් සමස්ථ ප්‍රහාරයෙන්, විදේශිකයන් 45 දෙනෙකු, පොලිස් නිලධාරීන් තිදෙනෙකු, සහ බෝම්බකරුවන් අටදෙනා ද ඇතුළුව පුද්ගලයින් 277 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උතුරේ කොරෝනා යළි හිස ඔසවයි . . .

Fri Apr 21 , 2023
කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ (20) මියගොස්  තිබෙනවා. එමෙන්ම යාපනයේදී තවත් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවී ඇති අතර ඔවුන් රෝහලේ වෛද්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්කර තිබෙනවා. පසුගිය සතියේදී යාපනයේ පේදුරුතුඩුව හා යාපනය නගරය යන ප්‍රදේශවලින් කොරෝනා රෝගීන් පස් දෙනෙකු හමුවීමෙන් පසුව ඔවුන්ව හුදෙකලා කොට ඔවුන්ට නිරෝධායන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x