පොල්දූව පාලම යට විශාල ජල කාන්දුවක් . . .

අඹතලේ ප්‍රධාන ජල පොම්පාගාරයේ සිට ජුබිලි කණුව දක්වා ජලය ගෙන යන ප්‍රධාන නලය පොල්දූව පාලම යට ජල කාන්දුවක් සිදුවීම හේතුවෙන් ඊයේ දිනයේ කොළඹ ප්‍රදේශ ගණනාවකට ජල සැපයුම විසන්ධි වී තිබිණි.

පොල්දූව පාලම යට පිහිටි ජල නල සම්බන්ධ කරන ඇණ විශාල ප්‍රමාණයක් කිසියම් පිරිසක් විසින් ගලවාගෙන යාම මත මෙම කාන්දුව සිදුව තිබින. එම ජල නල එකිනෙක සම්බන්ධ කර ඇති විශාල ඇණ 48කින් 33ක් මෙසේ ගලවාගෙන ගොස් තිබූ බව ජලසම්පාදන මණ්ඩලය නිලධාරීන් කියා සිටියහ.

ඇණ පමණක් ගැලවීම මත මෙම විශාල ජල නළය කැඩී බිමට වැටීමට ඉඩ තිබූ බවත් එසේ වූයේ නම් පොල්දූව පාලම ද කැඩි යාමේ අවදානමකට ලක්වනු ඇති බවත් ඔවුන් පෙන්වා දුන්හ.

කෙසේ වෙතත් මේ වන විට ජලය සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති අතර ජලනලයට හානි කිරිම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළට . . .

Sat Apr 29 , 2023
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බවත්, මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000ක් ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ, අනුව වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වන අතර එය 49% ක්. මේ අතර දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x