අහසට වෙඩි තැබූ රාජ්‍ය ඇමැති . . .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරයෙකු  මාදිවෙල මන්ත්‍රී නිල නිවස ඉදිරිපිට දී ඔහුට නිකුත් කර තිබූ පිස්තෝල ගිනි අවියකින්  අහසට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අධික ලෙස බීමත්ව මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ මන්ත්‍රීවරයා  එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම රාජ්‍ය අමාත්‍යවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී ආන්දෝලාත්මක  සිද්ධීන් කිහිපයක්  සම්බන්ධයෙන් සමාජය අතර විවේචනයට පවා ලක් වූවෙක් බවත්  පැවසේ.

පෙරේදා (5) රාත්‍රී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ මගින්  උසස් නිලධාරීන් ද දැනුම්වත් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ළමාවංශට එංගලත්තයෙන් ඉහළ සම්මානයක් . . .

Wed Sep 6 , 2023
මෙරට ශල්‍යකර්ම ක්ෂේත්‍රය ජාත්‍යන්තර ගෙන ඒම වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ ට එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි රාජකීය වෛද්‍ය හා ශල්‍ය වෛද්‍ය විද්‍යාලය  ගෞරව FRCS සම්මානයක් පිරිනැමීය. එක්සත් රාජධානියේ ග්ලාස්ගෝ හි විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී 2023 සැප්තැම්බර් මස 05 වැනි දින  පැවති උපාධි ප්‍රදානෝත්සවයේදී මෙම ගෞරවනීය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x