ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබේ. ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඔහු රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීය.      කෝපි කඩේ ටෙලිනාට්‍ය යේ ආරම්භක අවධියේ සිට සම්බන්ධවූ රංගන ශිල්පියෙකු වූ ඔහු මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයෙහි සිදු කළ ‘කට්ටඩි‘ චරිතය නිසා වඩාත් ප්‍රකට විය. […]

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ලකී ගාමිණී වානගුරු අභාවප්‍රාප්ත වී තිබේ. චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ ඔහු දමයන්ති, සදහටම ඔබ මගේ, දිනුම් කණුව යන චිත්‍රපටවල රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය විය. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩඩ්ලි වානගුරුගේ වැඩිමල් පුතු වූ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී මානෙල් වානගුරුගේ වැඩිමල් සොහොයුරාය. ඔහුගේ අවසන් කටයුතු […]

95 වෙනි ඇකඩමි සම්මාන උළෙල (ඔස්කාර් සම්මාන උළෙල) ඊයේ (12) ලොස් ඇන්ජලීස් නගරයේ ඩොල්බි රඟහලේදී එරට වේලාවෙන් පස්වරු 8 ට ආරම්භ විය.හොලිවුඩ් චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය ඔස්කාර් සම්මාන උළෙල සංවිධානය කරනු ලබයි. මෙවර  ඔස්කා සම්මාන උළෙල මෙහෙයවීමේ කටයුතු ඇමෙරිකාවේ සුප්‍රසිද්ධ රුපවාහිනී වැඩසටහන් නිවේදකයකු වන ජිමී කිමෙල් වෙත භාර […]

ජනප්‍රිය වේග රිද්ම ගායක නිහාල් නෙල්සන්ගේ ගීත යළිත් ජනතාවට නෙල්සන් පවුලේ හඩින්ම ශ්‍රවනය කිරීමේ අවස්ථාවක් උදාවී තිබේ. ඒ, නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස දොරට වැඩීමේ උත්සවයත් සමගය. කොළඹ මහවැලි කේන්ද්‍රයේ මෙම උත්සවය පැවැත්විණ.

81 වෙනි වියේ පසුවූ ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා. කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබමින් ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹිය. වේදිකාවේදී නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය ඔහුගේ ක්ෂේත්‍ර වේ.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ චරිතාපදානය පාදක කරගෙන වාර්තා චිත්‍රපටයක් නිෂ්පාදනය කළ අනෝමා රාජකරුණාට 21 වන ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී සම්මානයක් හිමිවිය. Our Mother, Grand Mother, Prime Minister Sirimavo නමැති මෙම වාර්තා චිත්‍රපටයට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වය ම උපයෝගී කරගෙන තිබේ. 1916 වසරේදී උපන් මැතිනියගේ පසුගිය 2016 වන වසරේ […]

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වූ ජ්‍යෙෂ්ඨතම සහ සම්මානනීය සිනමා නිර්මාණවේදිනියක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිය වූ ඇය අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසුවිය.

ශ්‍රී ලාංකික සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්ත රංගන ශිල්පියෙකු වූ බුද්ධි වික්‍රම හෙවත් බුද්ධිසේන දයාරත්න වික්‍රම අභාවප්‍රාප්ත වී තිබේ. 1939 වසරේ ජනවාරි මස 19 වන දා ගාල්ල, හීනටිගලදී උපත ලබා ඇති ඔහු මිය යන විට 83 වන වියේ පසු විය. ඔහු හීනටිගල සාරිපුත්‍ර විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය සහ මහින්ද විද්‍යාලය වෙතින් […]

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මේ බව සඳහන් කර ඇත. මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසුවිය. 1946 වසරේ ජනවාරි මස 9 වන දින මොරටුවේදී නිහාල් නෙල්සන් මෙලොව එළිය දුටුවේ ය. ඔහු රාවතාවත්ත මෙතෝදිස්ත විද්‍යාලයේ සහ මොරටු මහා විද්‍යාලයේ […]

ලාංකීය සංගීත ක්ෂේත්‍රය අස්වැද්දු ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන එකොළොස් වැනි ඉරිදා සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ ඔහු පදිංචිව සිටි අංක 92, නාලන්දාරාම පාර, පතිරගොඩ, මහරගම යන ලිපිනයෙහි පිහිටි නිවසේදියි. එදින පස්වරු 6 ට ගොඩිගමුව පොදු සුසාන භූමියේ දී නුවන් ගුණවර්ධනයන්ගේ ආදාහන කටයුතු සිදු කෙරෙන බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.