දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ . අද (19) පෙරවරුවේ සිට ආරම්භ කළ එම සත්‍යග්‍රහය  තම වෘත්තීය අයිතීන් ලැබෙන තුරු අඛණ්ඩව පවත්වාගෙන යන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්ඩලයේ සභාපති ටී. ඒ. […]

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණයෙන් පසු නැවත තවදුරටත් ජනාධිපතිවරයා බවට පත් විය යුතු බව කියමින් පුද්ගලයන් තිදෙනෙකුත් ත්‍රිකුණාමලය නගර සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීය. මෙසේ සත්‍යග්‍රහයක නිරත වූයේ ඇමති ඩග්ලස් දේවානන්දා ගේ නායකත්වයෙන් යුතු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් තිදෙනෙකි. ආර්ථික අර්බුදයෙන් රට ගොඩනැගීමට සුදුසුම පුද්ගලයා වත්මන් ජනාධිපතිවරයා බවද පවසන ඔවුන් […]

  ලබන මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වයඹ පළාත් පාසල් එකසිය දාහතරක විදුහල්පති සේවයේ ස්ථාන මාරු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් නතර කරනු ලැබ ඇත. නීත්‍යනුකූල මෙම ස්ථාන මාරු නතර කිරීමට විරුද්ධව ලබන පළමු වැනිදා ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක් පැවැත්වීමට විදුහල්පති සංගම් පහක් තීරණය කර තිබේ. […]

කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ‘කෙහෙළිය ගෝ ගම’ නමින් විරෝධතා ගම්මානයක් ඊයේ පස්වරුවේ හදිසියේම පිහිටුවන ලදී. එම විරෝධතාවය ආරම්භ කරන ලද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ‘කෙහෙළිය ගෝ ගම’ බැනරද පොලිසිය භාරයට ගෙන ඇත. ප්‍රශ්නගත එන්නත් වංචාව සම්බන්ධයකයෙන් කෙහෙලිය රඹුක්වැල්ල අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් […]

අද උදෑසන ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පාර්ශව කිහිපයක් පැමිණ සත්‍යග්‍රහයක් අරඹා ඇත.  ඒ අනුව ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ආරක්ෂාව තර කිරීමට මේ වන විට පොලීසිය හා කැරලි මර්දන ඒකකය කැඳවා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලැබු නින්දා සහගත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව සහ ආයතනයේ පරිපාලකයින් වහාම ඉල්ලා අස්විය යුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.