හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තම දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ දෙක මෙන්ම ඔහුගේ නිවසේ පටිගත වී ඇති සිද්ධියට පාදක වූ සී.සී.ටී.වී. දර්ශනවලින් අනාවරණය වන තොරතුරු එකිනෙකට පරස්පර වන්නේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (10දා) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහට දැනුම් දුන්නේය. හිටපු ජනාධිපතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සත්‍ය සඟවා අසත්‍ය […]

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරමින් රේගුව වෙත තීරු බදු නොගෙවා , කටුනායක ගුවන් තොටුපොළෙන් කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත” ( Green Channel) ඔස්සේ  පිට කර ගෙන යමින් තිබූ රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත මත්පැන් බෝතල් සහ දුම්වැටි තොගයක් සමග ඒවා රැගෙන ආ ව්‍යාපාරිකයන් තිදෙනකු ද ඊයේ […]

  කූඨ ලෙස ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. මොහු මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි […]

  ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08දා) සවස අත්අඩංගුවට ගන්නා ලදී. එම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ […]

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මිනීමැරුම් කීපයක්  සදහා චෝදනා ලබා සිටින අධිකාරම් මුදියන්සේලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් “මන්නා රමේෂ් ” නැමැති අය අද (07 ) දින අලුයම ඩුබායි සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණියහ . 32 හැවිරිදි වියේ පසුවන මන්නා […]

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවයේ නියුතු ඉහළ නිලධාරීන් රැසකගේ වත්කම්, බැරකම් සහ ඔවුන්ගේ බැංකු ගිණුම් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. මේ වනවිට අධිකරණයේ විභාග වන බාල ඖෂධ නඩුවේදී අනාවරණය වන තොරතුරු හා වෘත්තීය, සිවිල් සංවිධාන විසින් එම කොට්ඨාසයට ඉදිරිපත් කළ පැමිණිලි අනුව මෙලෙස පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. 2016 […]

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවය. වෑවලගේ රශ්මි නුවන් නමැති මෙම සැකකරු අංක 141/1 වැල්ලවීදිය, මීගමුව යන ලිපිනයේ පදිංචි අයෙකු බව පොලිසිය සදහන් කරයි. මෙම සැකකරු සම්බන්ධයෙන් […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. ඒ රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. aruna

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ. දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. කෙසේ වෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ […]

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වයි. ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය. මාධ්‍ය නිවේදනය  අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් මට එරෙහිව කරන ලද චෝදනා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවති සැමරීමක දී අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මට එරෙහිව පහත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.