එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න . . .

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබේ.

දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කෙසේ වෙතත් ඊයේ (25) නඩුව කැඳවු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම විමර්ශනවලට අදාළ කරුණු දැක්වීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් සිදුකර ඇත.

එහිදී අදාළ පැමිණිල්ලේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින එම නෞකාවේ කපිතාන්වරයා සහ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව දැනටමත් කොළඹ මහාධිකරණය හමුවේ විත්තිකරුවන්ට එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන බවය.

එම තත්ත්වය යටතේ තවදුරටත් විමර්ශන සිදු කිරීමේ අවශ්‍යතාවය කුමක්දැයි එම නීතිඥවරුන් ප්‍රශ්න කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස පොලීසියට දැනුම් දුන් අතර එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කර තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහමෙවුනා භික්‍ෂුවකට ගුටි පූජාවක් . . .

Fri Apr 26 , 2024
මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමකට ඉකුත් මහ මඟදී පහරදීමක් සම්බන්ධව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි. මෙම හිමිනම අනාචාරයේ හැසිරෙනවා යැයි උරණ වූ ගම්වාසීන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද, ප්‍රදේශයේ අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන නිවසකට ගොස් අලුයම් කාලයේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x