මහමෙවුනා භික්‍ෂුවකට ගුටි පූජාවක් . . .

මෝල්කාව ගලහිටිය මහමෙව්නා විහාරස්ථානයේ වැඩ වාසය කළ හිමිනමකට ඉකුත් මහ මඟදී පහරදීමක් සම්බන්ධව සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය පවසයි.

මෙම හිමිනම අනාචාරයේ හැසිරෙනවා යැයි උරණ වූ ගම්වාසීන් පිරිසක් මෙම පහරදීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවද, ප්‍රදේශයේ අනියම් සබඳතාවයක් පවත්වාගෙන යන නිවසකට ගොස් අලුයම් කාලයේදී කොට කලසමකින් හා “ටීෂර්ටය” කින් සැරසී හිස්වැසුමක්ද පැලඳ ආපසු පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී ඇතැයි බදුරලිය පොලිසිය සඳහන් කරයි.

පහරකෑමට ලක් වූ හිමියන්, ජංගම පොලිස් රාජකාරි නියුතු නිලධාරීන් විසින් බදුරලිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ මහ රෝහල වෙත යොමු කර ඇත.

පහරකෑමට ලක්වූ හිමියන්ගේ නොමනා හැසිරීම් පිළිබඳ ගම්වාසීන් චෝදනා කරන අතර, ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බවද, ඒ සඳහා වැඩිදුර පොලිස් විමර්ශන දියත් කර ඇති බවද බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ පැවසීය.

කෙසේ වුවද නීතිය අතට ගෙන මෙවැනි පහරදීම් සිදුකිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති නිසා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකර ගේ උපදෙස් මත මෝල්කාව බදුරලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • ඉත්තෑපාන සමූහ
    ප්‍රේමතිලක පෙරමුණ
    මීගහතැන්න සමූහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුදු මැස්සා පාලනයට පරපෝෂිතයෙක් එයි . . .

Fri Apr 26 , 2024
පොල් වගාව විනාශ කරමින් දිවයින පුරා පැතිරී යන සුදු මැස්සා පාලනය සඳහා උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය විසින් පරපෝෂිතයකු හඳුන්වා දී තිබේ. “එංකශයා ගවුෂලුබි” නම් විද්‍යාත්මක නාමයෙන් යුතු මෙම පරපෝෂිතයා දෙබර කුලයේ සත්ත්වයකි. සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ දෙක සහ තුන අවස්ථාව ළඟ පරපෝෂිතයා බිත්තර දැමීම සිදුවන අතර එම බිත්තරවලින් පිටවෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x