අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට . . .

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, රුපියල් 9000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පොලොන්නරුව කාර්යාලයට ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි. කොමිසම සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් පෙරන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවට වාර්තා වන බවයි.

මින්නේරිය පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් පොලොන්නරුව ප්‍රදේශයේ පිහිටි පැමිණිලිකරුගේ නිවසේදී අදාල අල්ලස් මුදල ලබා ගන්නා අවස්ථාවේදී ගෙන තිබේ.

සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවට විදුලි දුම්රියක් . . .

Thu Apr 13 , 2023
නානුඔය සිට නුවරඑළිය හරහා උඩුපුස්සැල්ලාව දක්වා පැරණි දුම්රිය මාර්ගය විදුලි දුම්රියක් ධාවනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන  පවසනවා. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නුවරඑළිය ඇතුළු මධ්‍යම සංචාරක කලාපයේ ගමනාන්ත වෙත වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බවටයි. නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x