පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව […]

රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතලයන් මෙරටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මකවීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද (25) දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු […]

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් අනතුරුව ඉදිරිපත් වූ පැමිණිලි මත සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා මේ වන විට නිදහස් කර ඇති හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම්  ජාතිකයින් තුන්දනෙකුගෙන් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනෙකු අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිංහල ක්‍රමයට ඔවුන්ට ආචාර කර සමාව ඉල්ලා සිටියහ. තමන්ව නීති විරෝධී ලෙස […]

වසර ගණනාවක් තිස්සේ විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම නිලධාරීන්ට සහනයක් ලබාදීමට පොලිස් මුලස්‌ථානය තීරණය කර ඇත. ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ කාර්යය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත බාර දී තිබේ. පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධයෙන් විවිධ කාලසීමාවන්වලදී ආරම්භ කර කාලයක් තිස්සේ දිග්ගැසෙමින් […]

ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්   ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන්  සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින්  ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රාජ්‍ය බුද්ධි සේවයට  පසුගිය සතියේදී දැනුම්දී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ටිරාන් අලස් පැවසුවේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය […]

වීසා නොමැතිව මෙරට රැදී සිටින චීන කාන්තාවක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් විභාග කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදුන් චීන කාන්තාව අද (20) දහවල් අත්අඩංගුවට ගත්බව බේරුවල පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල මංගල මාවතේ පදිංචි 36 හැවිරිදි චීන කාන්තාවක් වන අතර ඇය වලංගු වීසා නොමැතිව බේරුවල මංගල පාරේ නිවසක […]

බුලත්සිංහල පහලවෙල්ගම ප්‍රදේශයේ ඊයේ (5) සවස නීති විරෝධී මත්පැන් වැටලිමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සිදුකළ පහරදීමකින් එම නිලධාරින් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර පහරදීමට සම්බන්ධ කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. නිලධාරීන්ට පහරදී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම […]

පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පැමිණිල්ලක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් ඇමතුම් අංකයක් හඳුන්වාදී තිබෙනවා. ඒ, අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් පවත්වා ගෙන යන 118 අංකය වෙත පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පැමිණිලි ඇත්නම් දැනුම් දෙන ලෙසයි. මෙහිදී මහජනතාවගෙන් මෙම අංකයට ලැබෙන ඇමතුම් […]

පොලිස් නිලධාරීන් වෙත ලබාදෙන බටා ආරක්ෂක හමුදාවල ආහාර දීමනාවට සමාන කිරීමට ලබන වසරේ සිට උත්සාහ ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර නැගූ පැනයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ පොලිස් නිලධාරීන් වෙත […]

විදේශ සමුළුවක් සඳහා සහභාගිවීමට එංගලන්තය ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු එරටදී අතුරුදහන් වී තිබේ. ඔවුන් සිවු දෙනා සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පසුගිය මාසයේදී පැවැති ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැටපස් වන සමුළුවට සහභාගිවීමට ගිය පොලිස් සැරයන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙසේ එරටදී අතුරුදන් වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.