අජිත් රෝහණට අලුත් වගකීමක් . . .

වසර ගණනාවක් තිස්සේ විභාගය අවසන් නොවූ පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණ කඩිනමින් අවසන් කර එම නිලධාරීන්ට සහනයක් ලබාදීමට පොලිස් මුලස්‌ථානය තීරණය කර ඇත.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ කාර්යය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වෙත බාර දී තිබේ.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධයෙන් විවිධ කාලසීමාවන්වලදී ආරම්භ කර කාලයක් තිස්සේ දිග්ගැසෙමින් පවතින විනය පරීක්ෂණ හේතුවෙන් විශ්‍රාමික නිලධාරීන් විශ්‍රාම වැටුප් සහ සේවයේ නිරත නිලධාරීන් උසස්වීම් අහිමිව පීඩාවට පත්ව සිටින බවද අනාවරණය වී ඇත.

එය සැලකිල්ලට ගෙන කඩිනමින් විනය පරීක්ෂණ අවසන් කර සාධාරණයක් ඉටුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.

විවිධ නිලධාරීන්ගේ පාලන කාලවලදී සුළු අතපසුවීම්වලට පවා නිලධාරීන්ට චෝදනා පත්‍ර ලබාදීම හේතුවෙන් උසස්වීම් හා විශ්‍රාම වැටුප් අහිමිව කලකිරීමට පත්වූ නිලධාරීන් දහස් ගණනක් සිටින බව ද හෙළිවී තිබේ.

  • තිස්ස රවින්ද්‍ර පෙරේරා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ අක්මා රෝහල විවෘත වෙයි . . .

Wed Mar 27 , 2024
ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා රෝග ප්‍රතිකාර මධ්‍යස්ථානය”ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.  උතුරු කොළඹ ශික්ෂණ රෝහල වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගත්තේ එම රෝහලේ සිදුකළ  සාර්ථක අක්මා ශල්‍යකර්මයකින් සුවය ලැබූ  […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x