කොළඹ නෙළුම් කුළුණේ සිට බිමට පනින අතරතුර ඇද වැටි තුවාල ලබූ විදේශිකයෙකු ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම විදේශීය ජාතිකයා කුළුණෙන් පැනීමෙන් පසුව ඔහුගේ පැරෂුටය විවෘත නොවීම නිසා මෙම අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය පිළිබඳව කිසිවක් කිව නොහැකි බවද රෝහල් ප්‍රකාශකයෙක් කියා සිටියා. Wayomi

බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි කියනු ලබන දේවගැති ජෙරොම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් මෙතෙක් සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සහ ඊට අදාලව මහේස්ත්‍රාත් අධිකරණවල ගොනුකර තිබෙන සියලුම “බී” වාර්තා වල පිටපත් ඉදිරි දෙසතිය තුළ අධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද […]

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති. විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන […]

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ (කුළුණට) ගෑස් සපයන නලයකට ඊයේ (12) සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බවයි සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග සඳහන් කළේ. ඊයේ (12) පස්වරු හතරහමාරට පමණ දැඩි වර්ෂාවත් සමඟ මෙම අකුනු සැර වැදී ඇති අතර අකුණත් සමඟ ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වුනේ. සිද්ධිය සැලවීමත් සමඟ […]

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (13) සිදුවිය. එළඹෙන ජූනි මස පළමුවනදා සිට ඉතාලිය සිය වීසා ලබාදීමේ කටයුතු VFS ආයතනය සමඟ එක්ව සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ් අමාත්‍ය ටිරාන් අලස් වෙත දැනුම් දුන්නේය. පොලිස් […]

හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ගේ ලංකා පුරවැසිභාවය පමණක් නොව මෙරට විවාහයද බොරුවක් බව අභිනව ජනතාව පෙරමුණේ නායක නායක ඕෂල හෙරත් සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ ඩයනා ගමගේ විවාහ වී සිටි සිටින බව කියන සේනකද සිල්වා වෙනත් නීත්‍යානුකූල විවාහයක් පවතින පුද්ගලයකු බවයි. යුක්‍රේන ජාතික තරුණියක් හා විවාහ වී සිටින ඔහුට […]

පොලිස් නිලධාරීන් අයුතු සහගතව මුදල් ලබාගැනීමට පෙළඹෙන නිසා ඔවුන් අදාළ පොලිසියේ සිට රාජකාරි වාර්තා කිරීමට යද්දී තමාගේ පසුම්බියේ තිබෙන මුදල පිළිබඳව රාජකාරි පොතේ සටහන් කළ යුතුව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. මෑතක දී සිට ඇතැම් පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් ගෙන් රුපියල් ලක්‍ෂ ගණන් මුදල් අල්ලස් සහ කප්පම් වශයෙන් ලබාගැනීමේ සිද්ධීන් පිළිබඳව […]

හැටන් නගරයේ ස්ථාපනය කර ඇති ඇතැම් පෞද්ගලික රක්ෂණ ආයතනයක ශාඛාවක් විසින් ගණුදෙණුකරුවන්ට මුදල් වංචාවන් සිදු කර ඇති බවට හැටන් සහ දිඹුල පතන පොලිස් ස්ථාන වෙත ගණුදෙණුකරුවන් විසින් සිදු කර ඇති පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇත. එම රක්ෂණ ආයතනය විසින් ගණුදෙණුකරුවන්ට වැඩි පොලි මුදලක් ගෙවන බව පවසමින් […]

රට වෙනුවෙන් ඕනෑම පුද්ගලයකු සමග එක්ව කටයුතු කිරීමට මෙන්ම වෙන්ව කටයුතු කිරීමට ද සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ පැවැසීය. ඔහු ඒ පිළිබඳව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිකුරාදා (10දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බත්තරමුල්ල නෙළුම් මාවතේ […]

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර ඇත. කළු පැහැති ඇදුම් වලින් සැරසී මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් තිදෙනෙකු පසුගිය (09) දින පස්වරු 5.30 ට පමණ අදාළ ව්‍යාපාරික ස්ථානයට කඩාවැදී මෙම පහරදීම සිදුකර දින […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.