අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවෙයි . . .

රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතලයන් මෙරටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මකවීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද (25) දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු කදවුරේ සති 02ක පුහුණුව සාර්ථකව අවසන් කර විසිරයැමේ උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මෙලෙස අදහස් දැක්වීය ,

ශ්‍රී ලංකා පොලිසියට මේ රටේ ලොකු වැඩකොටසක් කරන්න පුළුවන්. යුක්තිය මෙහෙයුම පටන් ගන්න හේතුව අපේ රට කුඩුවලින් හා පාතාලයන්ගෙන් බේරා ගැනීමට. සියලුමදෙනාගෙන් ඉල්ලා සිටින්නේ බය නැතිව යායුතු ඉලක්කයට යන්න. ඔ්නෑම හදිසි වේලාවක තමන්ගේ අතේ තිබෙන ගිනිඅවිය පාවිච්චි කරන්න සිදුවෙනවා නම් හරිදේට එය පාවිච්චි කරන්න. අපි ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. වැරදි දේවල් කරන අයට විරුද්ධව තදින් ක්‍රියාත්මක කරන්න.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී මාර්ගවල ආරක්ෂාව සේනාධිපතිට . . .

Thu Apr 25 , 2024
අධිවේගී මාර්ග ආරම්භයේ සිටම එහි ආරක්ෂක කටයුතු සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය ඉවත් කොට රාජපක්ෂ සහචරයෙකු වන නිස්සංක සේනාධිපතිට අයත් ඇවන්ට්ගාඩ් සමාගමට ලබා දීම සම්බන්ධයෙන් බරපතළ සැක සංකා මතුවී තිබේ. ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී පවා සිදු නොකළ මෙම වෙනස් කිරීම රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x