රට විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතලයන් මෙරටින් තුරන් කිරීම පවක් නොවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි. විශේෂ කාර්ය බලකා යතුරු පැදි කණ්ඩායම් වලට සමගාමීව ක්‍රියාත්මකවීම සදහා විශේෂ කාර්ය බලකා විශේෂ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් 100ක ගෙන් සමන්විත යතුරු පැදි කණ්ඩායම් 50 ක් අද (25) දින කටුකුරුන්ද විශේෂ බලකා පුහුණු […]

වර්තමාන සමාජය තුළ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයක් වන eZ Cash සහ M Cash භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් 2024.04.06 දින සිට 2024.04.10 දින දක්වා යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත. ඒ අනුව, 2024.04.06 දිනය […]

කඩුවෙල හා ඒ ආශ්‍රිතව මහා පරිමාණයෙන් මත්කුඩු බෙදා හරිනු ලබන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවකු වන මලලගේ සුදත් කිත්සිරි නොහොත් වැලිවිට සුද්දා හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 300ක් සමඟ කඩුවෙල පොලිසිය මඟින් ඊයේ (22) අලුයම අත්අඩංගුවට ගෙන තිබිණ. අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන […]

මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. වෛද්‍යවරයාට […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාලයන් සොයමින් සිදුකරන යුක්තිය මෙහෙයුම අල්ලස් ලබාදී නතර කිරීමට එම ජාවාරම්කරුවන් උත්සාහ දරන බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍රකුමාර සඳහන් කරන්නේ මෙසේ අල්ලස් ලබා දීමෙන් සිදු කරන බලපෑම්වලට අමතරව පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන එල්ල වීමද සිදුවෙමින් ඇති බවයි. අල්ලස් ගැනීම් තර්ජන සියල්ල මැඩලා යුක්තිය […]

මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් Easy Cash සහ M-Cash වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව, එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිළධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කෙරිණි. එහිදී […]

පාතාල අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් දියත් කරන කරමින් තිබෙන ‘යුක්තිය’ මෙහෙයුම වහාම අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කර තිබේ. ‘යුක්තිය’ මෙහෙයුම සමාලෝචනය කර සෞඛ්‍ය හා මානව හිමිකම් මත පදනම් වූ ප්‍රතිපත්ති කෙරෙහි අවධානය යොමු කරන්නැයි එක්සත් ජාතීන්ගේ විශේෂඥයන් පිරිසක් විසින් නිවේදනයක් නිකුත් කරමින් […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සිදු කරන යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය සැක මතු කරයි. ඇය චෝදනා කරන්නේ මෙහෙයුමේදී තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් සිදු නොකරන බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන දේශපාලඥයන් සිටිනා බව කවුරුත් දන්නා බවත් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ප්‍රබලව ක්‍රියාත්මක වන බවත් ඇය කියා […]

යුක්තිය මෙහෙයුමට සමගාමිව සිදුකරන මෙහෙයුම් වලදී ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන කුඩු රොෂාන්, කවිදු මදුරංග සහ හෙට්ටිආරච්චිගේ ශ්‍රියානී නැමති කාන්තාවට අයත් වාහන සහ දේපල රැසක් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසය මගින් දේපල තහනමට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද වාහන වල වටිනාකම. TOYOTA LAND CRUISER PRADO වර්ගයේ ජීප් රථය […]

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා රට පුරා සිදුකරමින් ඇති මෙහෙයුම අඩපණ කිරීමට ඩුබායි සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දැවැන්ත මඩ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව ඔවුන් සමාජ ජාලා, වෙබ් අඩවි, යූ ටියුබ් නාලිකා ඇතුළු මාධ්‍ය වලට රුපියල් කෝටි ගණන් මුදල් වැය කරමින් මෙම ප්‍රචාරක කටයුතු සිදුකරමින් යන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.