මත් පෙති විකුණු දොස්තර පොලිසියට කොටුවෙයි . . .

මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

වෛද්‍යවරයාට කළ ඇනවුමකට අනුව වර්ග දෙකකට අයත්  වේදනා නාශක පෙති වර්ග 1600ක් රුපියල් 160,000කට අලෙවි කිරීමට රැගෙන ආ අවස්ථාවේදී නාවලපිටිය පාරේ ක්‍රිස්බෝ ආයතනය ඉදිරිපිටදී  මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

සිය සුඛෝපභෝගී මෝටර් රථයේ දමාගෙන ඔහු මෙම වේදනා නාශක ඖෂධ වර්ගය රැගෙන විත් තිබේ.

ගෙලිඔය කරමඩ පදිංචිකරුවෙක් වන 49 හැවිරිදි මෙම වෛද්‍යවරයා දරුවන් තිදෙනෙකුගේ පියෙකි.

සුවිසල් නිවසක්ද ගෙලිඔය ඉදිකර සුඛෝපභෝගී වාහන කිහිපයක්ද පරිහරණය කරමින් මෙම වෛද්‍යවරයා සැපවත් ජීවිතයක් ගතකරන අයෙක් බව විමර්ශනයේදී හෙළිවී තිබේ.

මෙම වෛද්‍යවරයා පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන යන්නෙක් බවද පොලීසිය  කියයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසර 1700 පැරණි බිත්තරයක් හමු වේ . . .

Wed Feb 14 , 2024
වසර 1700 ක් පැරණි කුකුලු බිත්තරයක් එංගලන්තයේ බෙරිෆීල්ඩ්ස් සංචර්ධන ප්‍රදේශයෙන් හමු වී ඇත. කිසිඳු හානියක් වී නොමැති එම බිත්තරයේ කහ මදය සහ සුදු මදය තවමත් ස්වාභාවිකවම එම බිත්තරය තුළ ආරක්ෂා වී තිබෙනු දැක ඒ පිළිබඳ අධ්‍යනය කළ පුරා විද්‍යාඥයන් කණ්ඩායම පුදුමයට පත් වී ඇත. වසර 1700 කට පසුවත් මිනිසකුගේ මැදිහත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x