බේරුවල ආරියවංශ විදුහලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් 12ක් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බේරුවල පොලිසිය පැවසුවේ අද (25) දිනයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම පාසලේම සිසුන් දෙදෙ‌නෙකු ද සිටින බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ලබන වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට […]

රජයේ පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා “පාසල් ආහාර වැඩසටහන” ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප 100ට අයත් පාසල් 7,902ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, එක් සිසුවෙකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන් කර […]

යුක්තිය මෙහෙයුම යටතේ කරන ලද සෝදිසියකදී ආයුර්වේද ඖෂධ වෙළඳසැලක මුවාවෙන් මාවතගම නගරයට පැමිණෙන පාසල් සිසුන් සහ උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා මිශ්‍ර මදනමෝදකය විකිණීමේ ජාවාරමක් අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය පවසයි. මාවතගම පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාවතගම නගරයේ සිදු කරන […]

මත්කුඩු ලෝලීන් සහ පාසල් සිසුන් මත්වීමට මත්ද්‍රව්‍යක් ලෙස භාවිතා කරන  වේදනා නාශක ඖෂධ පෙති වර්ගයක් කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ ඡාවාරමක නිරතව සිටි පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකු අත්ගාල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) රාත්‍රීයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මත්ලෝලියෙකුගෙන් හෙළි වූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. වෛද්‍යවරයාට […]

පාසල් කාලසීමාව උදෑසන 8.00 සිට පස්වරු 4.00 දක්වා දීර්ඝ කිරීමේ යෝජනාවක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වෙත ඉදිරිපත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  පවසනවා. ගාල්ල – ජාකොටුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකින් අනතුරුව ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පාසල් සිසුන් ක්‍රීඩාව සඳහා උනන්දු කිරීමේ අරමුණින් මෙම […]

තල් ආශ්‍රිතව සිදුකරන අගය එකතු කරන ලද නිෂ්පාදනයක් වන ‘තල් යුෂ පානය’ (තල් බීම) ඉදිරියේදී පාසල් සිසුන් අතර ප්‍රචලිත කරන බව තල් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව තල් යුෂ පානය පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සහනදායී මිලක් යටතේ ලබාදීමට එම මණ්ඩලය බලාපොරොත්තු වන අතර, මෙහි මූලික පියවර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් […]

අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවීම හේතුවෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයට පාසල් සිසුන් ඇතුළු තරුණයන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම වැඩිවී ඇතැයි අනාවරණය වෙයි. මෙම තත්ත්වය මත අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහිවූවන්ට නේවාසිකව ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කර ඇති ප්‍රතිකාර ඒකකයද සම්පූර්ණයෙන්ම පිරී ඇති බව අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ පැවසුවාය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.