මහා පරිමාණ මදනමෝදක ජාවාරමක් වටලයි . . .

යුක්තිය මෙහෙයුම යටතේ කරන ලද සෝදිසියකදී ආයුර්වේද ඖෂධ වෙළඳසැලක මුවාවෙන් මාවතගම නගරයට පැමිණෙන පාසල් සිසුන් සහ උපකාරක පන්ති සඳහා පැමිණෙන සිසුන් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගංජා මිශ්‍ර මදනමෝදකය විකිණීමේ ජාවාරමක් අත්අඩංගුවට ගත් බව මාවතගම පොලීසිය පවසයි.

මාවතගම පොලීසියේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මාවතගම නගරයේ සිදු කරන ලද හදිසි සෝදිසියකදී මෙම ජාවාරම අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ. මෙම වෙළඳසැල තුළ පාසල් සිසුන් නිතරම ගැවසෙන බවට බුද්ධි අංශ නිලධාරීන්ට තොරතුරු ලැබී තිබී ඇත.

බුද්ධි අංශ නිලධාරියෙකු උපාය දූතයෙකු ලෙස යොදවා මදනමෝදකය මිළදී ගැනීමට යන මුවාවෙන් ගොස් මෙම වැටලීම සිදු කර තිබේ. එහිදී වෙළඳසැලේ ස්ථාන කීපයකම සඟවා තිබූ ගංජා මිශ්‍ර බවට සැක කරන මදනමෝදකය ගුලි සහිත පැකැට් 1875 ක් සමඟ එහි හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.

ආයුර්වේද ඖෂධ වෙළඳසැලක වුවද ආයුර්වේද කොමසාරිස්වරයාගේ නිර්දේශය නොමැතිව මදනමෝදකය විකිණිය නොහැකි බවද පොලීසිය සඳහන් කළේය.

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ උපදෙස් අනුව මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චි සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරයි.

  • පුෂ්පකුමාර ජයරත්න – කුරුණෑගල
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිනිගම දේවාලයේ අමුතුම ගණුදෙනු . . .

Wed Feb 21 , 2024
සීනිගම දේවාලයේ තාවකාලික භාරකරුවකු ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් පත් කර ඇති සහකාර කොමසාරිස්වරයකු මාස 03 ක දීමනාව ලෙස රුපියල් දෙලක්ෂ දහහතර දහස් තිස් දෙකක (2,14,032/-) මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් ලැබුණූ තොරතුරු මත පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය අද (21) ප්‍රකාශ කළේය. සීනිගම දේවාලයේ වත්මන් කාර්යමණ්ඩලය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x