ගබ්සා කිරීමේ අයිතිය තහවුරු කිරීමේ යෝජනාව ප්‍රංශ සෙනෙට් සභාව විසින් අනුමත කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 267ක් හිමිව ඇති අතර විරුද්ධව ලැබී ඇත්තේ ඡන්ද 50ක් පමණ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් 1974 වර්ෂයේ සිට ප්‍රංශයේ ගබ්සාව නීත්‍යානුකූලව පැවති අතර එය තවදුරටත් ව්‍යවස්ථාව මඟින් තහවුරු කිරීමට අදාළව […]

එච්.අයි.වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. පසුගිය වසරේ දී නව ආසාදිතයින් 694 දෙනෙකු හඳුනාගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ සඳහන් කළාය. ඉන් 611 දෙනෙකුම පිරිමි පුද්ගලයින් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට […]

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මත්කරල් 53,000ක් මන්නාරම් පිඩ්ඩි කලපු අසල සඟවා තිබියදී ඊයේ (28) සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙම මත්පෙති  ජාවාරම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයේ සඟවන්නට ඇතැයි විශේෂ කාර්ය බලකාය සැක පළ කරයි. අත්අඩංගුවට ගත් මත්පෙති  තොගය  ඉල්ලුප්පු කඩවායි පොලිසියට භාරදී […]

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ‘අලියා‘ සන්නාමය යටතේ සිසිල් බීම නිෂ්පාදනයේ, බෙදාහැරීමේ හා අලෙවියේ නිරත එලිෆන්ට් හවුස්, ඉන්දියාවේ Reliance Retail Ventures Limited හි සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ (FMCG) හස්තය වන Reliance Consumer Products Limited සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ. මෙම හවුල්කාරීත්වයට අනුව අලියා සන්නාමය යටතේ එන පාන වර්ග ඉන්දියාව තුළ නිෂ්පාදනය, අලෙවිකරණය, […]

ජාතික හැඳුනුම්පත් අංකයම ටින් අංකය (බදු ගෙවන්නා හදුනාගැනීමේ අංකය – TIN) ලෙස යොදා ගැනීමට යෝජනාවී ඇතත්, දැනට නිකුත් කර තිබෙන ටින් අංක ලක්ෂ නවයක (900,000) අංක නැවත වෙනස් කිරීමට සිදුවීම නිසා බරපතළ අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ජාතික හැඳුනුම්පත් අංකය ටින් අංකය ලෙස යොදා ගැනීමට […]

නරාහේන්පිට ප්‍රදේශයේ පිහිට ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවෙන් එම ඉඩමේ අයිතිය ශ‍්‍රී ලංකා හිටපු ක්‍රීඩක ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන සහ ඔහුගේ සමාගමට හිමිවන බව අධිකරණය තීන්දු කර තිබේ. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නඩුවේ තීන්දුව දෙමින් සඳහන් කර ඇත්තේ එම ඉඩමේ සංතකය නිසි පරිදි සිවිල් අධිකරණයකින් තීරණය […]

එළඹෙන රාමසාන් උත්සව සමය වෙනුවෙන් ආනයනය කෙරෙන රටඉඳි සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි දින දෙක තුළ පහත දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආනයනික රටඉඳි කිලෝග්‍රෑම් එකක් සඳහා දැනට අය කෙරෙන රුපියල් 200ක විශේෂ වෙ⁣ළෙඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා පහත හෙළීමට නියමිත […]

එළැඹෙන මාර්තු මස 04 වනදා සිට දිවයිනේ පිහිටි ඕනෑම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලකින් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදි ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා ස්වයංක්‍රීය දුරකථන අංකයක් හා වෙබ් අඩවියක් […]

රුපියල් බිලියන 4 කට ආසන්න සුරාබදු මුදලක් ගෙවීමට ඇති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ නිෂ්පාදන බලපත්‍රය යළි ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (28 වැනිදා) පියවර ගෙන ඇත. සුරාබදු කොමසාරිස් ජෙනරාල් ජේ. එස්. ගුණසිරි කියා සිටියේ අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම සුරාබදු මුදල් ගෙවීම ආරම්භ කළ නිසා මෙලෙස බලපත්‍රය දීමට පියවර ගත් […]

නිවාඩු ලබා කඳවුරෙන් පිටව යන නිලධාරීන්, කෙටි විවේක ලබා ගන්නා නිලධාරීන් මෙම පිරිස් පදිංචි ප්‍රදේශ සහ මොවුන් යම් යම් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳකම් පැවැත්වීමේ හැකියාව යන්න සොයා බලන ලෙසත් ඔවුන් ගැන විශේෂ අවධානයෙන් සිටින ලෙස එම කඳවුරු බාර නිලධාරීන්ට මේ වනවිටත් දැනුම් දී තිබෙනවා. ඒ, සක්‍රිය රාජකාරියේ යෙදෙමින් සංවිධානාත්මක අපරාධකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.